අසභ්‍ය දර්ශන බෙදා හරින ලද බවට චෝදනා ලැබූ ශිල්පා ෂෙට්ටිගේ සැමියා රාජ් කුන්ද්‍ර ඒ කතාවෙන්ම සිනමාවට..

බොලිවුඩ් නළු ශිල්පා ෂෙට්ටිගේ සැමියා රාජ් කුන්ද්‍රා, වෙබ් අඩවි හරහා අසභ්‍ය චිත්‍රපට නිර්මාණය කිරීම සහ බෙදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබුවේ 2021 සැප්තැම්බර් 21 වන දිනයේ දීය.

ඔහුගේ එම කතාව පාදක කරගත් ‘UT 69’ මේ දිනවල සිනමාහල්වල තිරගත වෙමින් පවතී.විශේෂත්වය වන්නේ කුන්ද්‍රාගේ කතාව පාදක කරගත් චිත්‍රපටයේ ඔහුගේ චරිතය ඔහු විසින්ම නිරූපනය කිරීමයි.

චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ නවක අධ්‍යක්ෂවරයකු වන ෂානාවාස් අලි විසින්.චිත්‍රපටයේ විනාඩි 117ක් පුරාවට රාජ් කුන්ද්‍රා හිරගෙදර ගත කළ දින 63ක ජීවිතය පෙන්වයි.

කුන්ද්‍රාගේ මෙම සිදුවීම බොහෝ ප්‍රමුඛ පෙළේ සිද්ධීන්වල මෙන්ම, පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට බොහෝ කලකට පෙර මාධ්‍ය නඩු විභාගය ආරම්භ කිරීම නිසා ඔහුගේ පවුලට ඉතා අමාරු කාලයකට මුහුණ දීමට සිදුවුණා. ඔහුව ආතර් පාර බන්ධනාගාරයට ගෙන ගිය අතර ඔහුට අපේක්ෂිත ඇප හිමිවුණේ මාස දෙකකට වැඩි කාලයකට පසුවයි.

මේ වන විට නළුවෙකු වන රාජ් කුන්ද්‍රා ඔහුගේ සිරගෙදර අත්දැකීම්, විවාහය සහ ඔහුගේ නවතම නිකුතුව වන UT69 ඇතුළු ඔහුගේ ජීවිතයේ පැතිකඩ ගණනාවක් පිළිබඳ පවසමින් නීත්‍යානුකූල නඩු විභාගයට වඩා මාධ්‍ය නඩු විභාගය ඔහු රිද වූ බව පවසා තිබෙනවා. එයින් තමාගේ පවුල පහතට ඇද දැමූ ආකාරය ගැන දැඩි ලෙස කම්පාවට පත් වූ බව ඔහු පවසනවා.

චිත්‍රපටයේ ආරම්භ ගැන කියමින් ඔහු “මට මගේ මුළු සිරගෙදර ගමන ගැනම පොතක් ලිවීමටයි අවශ්‍ය වුණේ, නමුත් මගේ මිතුරා මට කිව්ව ඔහු එය චිත්‍රපටයක් කරන බවත් මා එහි රඟපානු ඇති බවත්.”යැයි පැවසුවා

2021 පෙබරවාරි 4 වන දින කාන්තාවන් හතර දෙනෙකු පැමිණිලි කර ඇත්තේ වෙබ් කතා මාලාවක රංගන රැකියාවක් ලබා දෙන බවට පොරොන්දු වීමෙන් පසු තමන්ට අසභ්‍ය දර්ශන රූගත කිරීමට බල කළ බවයි. එක්සත් රාජධානියේ Kenrin Production House නම් ආයතනයකින් HotShots නම් ඇප් එක හරහා මෙවැනි වීඩියෝ උඩුගත කර හසුවූ උමේෂ් කමාත් නමැති පුද්ගලයකු ඊට සම්බන්ධ වූ අතර අසභ්‍ය දර්ශන බෙදාහැරීමට හසු වූ සමාගම පිහිටුවා තිබුණේ කුන්ද්‍රා සහ ඔහුගේ ඥාතියෙකු වන ප්‍රදීප් බක්ෂි විසින් යයි පැවසුණා. ඉන්දියානු සයිබර් නීති මග හැරීම සඳහා සමාගම එක්සත් රාජධානියේ ලියාපදිංචි කර ඇති බවයි පැවසුණේ. කුන්ද්‍රා, කමත් සහ බක්ෂි අතර WhatsApp කතාබහ ඔහු මෙම ජාවාරමට සම්බන්ධ බවට පැවසෙන සාක්ෂි වශයෙන් මතු වුණා.

Latest News

More like this

ගිරිරාජ්ගේ දියණියගෙන් කෙහෙළියගේ දෝණියට පණිවිඩයක්

කෙහෙළිය රඹුක්වැල්ල මෙරට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි...

සුපිරි නළු සල්මන් ඛාන් වටා කැරකෙන පාතාලය: ගැහැණියක් නිවසටම ඇතුළු වේ

බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ මුම්බායි, බන්ඩ්‍රා ප්‍රදේශයේ ගැලැක්සි මහල්...

විශාල්ගේ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක්…

හැංගි හැංගි බැඳපු ආදරේ ගැන හැමෝටම කියන්න ඔවුන් පසු...

සමන්තා සහ රාජ් නිදිමෝරු අතර ප්‍රේමය සනාථ කරන ගුප්ත සටහන්

"හොඳ කර්මය නිර්මාණය කරන්න. මිනිසුන්ට උදව් කරන්න සහ මිනිසුන්ට...
error: Content is protected !!