පාසල් කැඩෙට් කණ්ඩායමක් STF‍ නිල ඇඳුම ඇඳන් ටී 56ත් අරන් පෙරඩ් එකෙත් යයි

ගම්පහ ප්‍රධාන පාසලක ශිෂ්‍ය භට කණ්ඩායමක් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිල ඇඳුමට සමාන ඇඳුම් ඇඳ ටී 56 ගිනි අවි අතැතිව පෙළපාලියක (පෙරඩ්) පෙනී සිටිමේ සිදුවීම පිළිබඳව ගම්පහ මූලස්ථාන පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙම සිසුන් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් භාවිතා කරන රෙදි වර්ගයම යොදාගෙන නිල ඇඳුම සකස් කර ඇති අතර මේ සම්බන්ධයෙන් මෙම නිල ඇඳුම් මැසූ අනුරාධපුරයේ රෙදි සාප්පුවක හිමිකරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිල ඇඳුම් සහිතව සිසුන් TikTok සමාජ මාධ්‍ය ජාලයේ පළ කළ වීඩියෝ පටවලට අනුව අදාළ විමර්ශන කටයුතු ආරම්භ කළ බව සඳහන්.

උසස් නිලධාරියෙක් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ පාසල් ශිෂ්‍ය භටයින් සඳහා අනුමත කළ නිල ඇඳුම් කට්ටල දෙකක් නිර්දේශ කර තිබියදී හමුදාවක හෝ විශේෂ බළකායක නිල ඇඳුමක් පරිහරණයට අවසර දී නොමැති බවත් මෙය වැරදි පූර්වාදර්ශයක් බවත් ඊට වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වියයුතු බවයි.

ශිෂ්‍ය භටයින් සඳහා සරඹ පෙළපාලි හා පුහුණු කටයුතුවලදී පොයින්ට් 2.2 වර්ගයේ පතුරම්වලින් පමණක් වෙඩි තැබිය හැකි අර්ධ ස්වයංක්‍රීය වෙනම අවියක් නිකුත් කර ඇති අතර මෙම සිසුන් අත්වල ටී56 ගිනිඅවි රැගෙන සරඹ පෙළපාලියට සහභාගි වී සිටීම ගැටලුවක් බව ඔහු වැඩි දුරටත් පැවසුවා.

එමෙන්ම ස්වයංක්‍රීය ගිනි අවියක් ලබාදිය යුත්තේ පූර්ණ සංග්‍රාමික පුහුණුව ලත් ආරක්ෂක අංශයේ නිලධාරියෙකුට බවත් එම අවි පාසල් සිසුන්ට ලබාදුන්නේ කාගේ වුවමනාවකටද යන්න විමසා බැලිය යුතු බවත් මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දක්වමින් අදාළ නිලධාරියා පවසා ඇත්තේ.

Latest News

More like this

බොන්ඩි බීච් ප්‍රහාරයෙන් ජීවිත ගණනාවක් බේරාගත් ඕස්ට්‍රේලියාවේ වීරයා

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බොන්ඩි බීච් හි දී නිරායුධ සිවිල්...

උපාධි සහතිකය සම්බන්ධයෙන් රන්වලට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගන්නවද? ඔව්.. පුළුවන් – නලින්ද

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගෙ ආචාර්ය...

රජය ජ්‍යාත්‍යන්තර ආධාර සමුළුව සැලසුම් කරයි

ආපදාවෙන් පීඩාවට පත් රට නැවත ගොඩනැගීම සඳහා සහාය ලබා...

දින කිහිපයකට පසු රන්වලගේ රුධිර සාම්පලයක් රස පරීක්ෂකට…

සපුගස්කන්ද ප්‍රදේශයේදී හිටපු කථානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල...