සුරාබදු දෙපාර්තමේන්තුව එක් දිනකට කෝටි 130ක් හොයයි

සුරාබදු දෙපාර්තමේන්තුවේ වසර 111ක ඉතිහාසයේ එක් දිනක් තුළ වැඩිම සුරාබදු ආදායම ලෙස රුපියල් බිලියන එකයි දශම තුනකට වැඩි (මිලියන 1395ක්) මුදලක් අයකර ගැනීමට එම දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බව වාර්තා වෙනවා.

සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතාට අනුව මෙම බදු ආදායම එකතු කර ඇත්තේ අප්‍රේල් 03 වැනිදා ය.

2024 මුල් මාස තුන තුළ සුරාබදු ආදායම ලෙස රුපියල් මිලියන 5124ක් උපයා ඇති බවත් එය 2023 වර්ෂයේ මුල් මාස තුන හා සසඳා බැලීමේදී සියයට විසිහයයි දශම හතරක් (26.4%) බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා තිබෙනවා.

සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් දිවයින පුරා පිහිටි සුරාසල් අප්‍රේල් 12 සහ 13 යන දිනයන්හි වසා තබන බව ද පැවසේ.

Latest News

More like this

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...

රාජිත අත්අඩංගුවට ගන්නේ නම් 18 දා උසාවියට කරුණු කියන්නැයි අල්ලස් කොමිසමට දැනුම් දීමක්

හිටපු ධීවර අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට...

යහපාලනයේ ‘සැමට සෙවණ’ ප්‍රචාරණ වියදම කෝටි 52යි

යහපාලන රජය සමයේ ක්‍රියාත්මක කරන ලද 'සැමට සෙවණ' ආදර්ශ...

යුක්‍රේන-රුසියානු යුද්ධය සම්බන්ධයෙන් ට්‍රම්ප්ගෙන් තීරණාත්මක තීන්දුවක්

රුසියානු ආක්‍රමණයට එරෙහිව සටන් කිරීමට උපකාර කිරීම සඳහා යුක්‍රේනයට...
error: Content is protected !!