සිඩ්නි නුවර සාප්පු සංකීර්ණයේ පිහි ඇණුම් කළ ඝාතකයාගේ ඉලක්කය “කාන්තාවන්”

සිඩ්නි නුවර වෙළෙඳ මධ්‍යස්ථානයකදී පිහි ඇනුම සිදුකළ පුද්ගලයා කාන්තාවන් ඉලක්ක කර ගෙන එම ප්‍රහාරය දියත් කර ඇති බව විමර්ශනවලින් පෙනී ගොස් තිබෙන බව පොලිසිය පවසනවා.

පසුගිය සෙනසුරාදා ජනාකීර්ණ West Field හි ජනප්‍රිය වෙළඳ සංකීර්ණයක් තුළ සිටි මිනිසුන් භීතියට පත් කරමින් පිහි ප්‍රහාර ගණනාවක් එල්ල කළේ 40 හැවිරිදි Joel Cauchi (ජොයෙල් කවුචි) නම් පුද්ගලයෙක් විසින්.

එම අනතුරෙන් මියගිය හය දෙනාගෙන් පස් දෙනෙකුම කාන්තාවන් බවයි වාර්තා වෙන්නේ. අනතුරෙන් කුඩා දරුවෙකු ඇතුළු තවත් කිහිප දෙනෙකු තුවාල ලැබුවා.

නිව් සවුත් වේල්ස් පොලිස් කොමසාරිස් ඔස්ට්‍රේලියාවේ ABC ප්‍රවෘත්ති සේවයට පැවසුවේ Cauchi, කාන්තාවන් කෙරෙහි අවධානය යොමු කර ඇති බව “පැහැදිලි” බවයි.

ඝාතනයට ලක් වූ අය අතර සිටින එකම පුද්ගලයා ප්‍රහාරය වළක්වා ගැනීමට මැදිහත් වීමට උත්සාහ කළ 30 හැවිරිදි ෆරාස් තාහීර් නමැති ආරක්ෂක නිලධාරියෙකි.

ප්‍රහාරකයා එම ප්‍රහාරය සඳහා තෝරාගෙන තිබුණේ රටේ විශාලතම සහ ජනප්‍රියම සාප්පු මධ්‍යස්ථානයක්.

මෙම සිදුවීම සමූහ ඝාතන දුර්ලභ වන ඕස්ට්‍රේලියාවේ ජනතාවගේ කම්පනයට හේතු වුණා.

මෙම ඛේදවාචකය පිළිබඳ ශෝකය පළ කරමින් සඳුදා (15) රට පුරා ධජ අඩකුඹු කරනු ලබන අතර විපතට පත් වූවන්ට උපහාර පිණිස සිඩ්නි ඔපෙරා හවුස් ආලෝකමත් කරනු ඇති බව එරට රජය නිවේදනය කර තිබෙනවා.

ප්‍රහාරයෙන් මියගිය අයට මල් සහ කාඩ් පත් තබමින් ශෝකයට පත් ජනතාව West Field වෙත පැමිණෙමින් සිටින බව වාර්තා වෙනවා.

සිඩ්නි හි චීන කොන්සල් කාර්යාලය පවසා ඇත්තේ මියගිය කාන්තාවන් අතර එක් අයෙකු චීන පුරවැසියෙකු බවයි.

Latest News

More like this

අරගලයේ තරුණ නායකයා ඝාතනයෙන් පසු බංගලාදේශය යළිත් ඇවිළේ.. පුවත්පත් ආයතන දෙකක් ගිනි තබයි

තරුණ නායකයෙකු වූ ෂරීෆ් ඔස්මාන් හාඩි ඝාතන උත්සාහයකින් මරා...

බෙල්ලනගේ වැඩ තහනම් කළේ ඔන්ඩන්සෙට්‍රෝන් අපරාධය ගැන කතා කළ නිසා.. විපක්ෂ නායක සජිත්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවන අක්‍රමිකතා මාධ්‍යයට හෙළි දරව් කිරීම නිසා...

ලේ මාරු කිරීමකදී ඉන්දියාවේ දරුවන් පස් දෙනෙක්ට HIV ආසාධනය වේ

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ සැට්නා දිස්ත්‍රික්කයේ රජයේ රුධිර පාරවිලයනය අතරතුර...

එකදු විදෙස් සංචාරකයෙකුගේ හෝ ජීවිත හානි නොවීමට අපි වගබලා ගත්තා.. විජිත හේරත්

ආපදාව අවස්ථාවේ මෙරටට පැමිණ සිටි කිසිදු විදෙස් සංචාරකයකුගේ ජීවිතයකට...