ප්‍රමුඛතා අනුව වාහන ආනයනයට අවසර

මේ වන විට වාහන ආනයනය පමණක් සීමා කර ඇති බව පවසමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා, ඉදිරියේදී ප්‍රමුඛතා පදනම මත වාහන ආනයනයට අවසර ලබාදීමේ හැකියාව පිළිබඳව කමිටුවක් අධ්‍යයනය කරමින් සිටින බව පවසා තිබෙනවා.

මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ සංචාරක ක්‍ෂේත්‍රයට අවශ්‍ය වෑන් රථ 750ක් සහ බස් රථ 250ක් ආනයනය කිරීමට දැනටමත් අවසර දී ඇති බවයි.

ආර්ථික අර්බුදය හේතුවෙන් භාණ්ඩ 1500ක් පමණ ආනයනය සීමා කර ඇති බවත් වාහන හැර අනෙකුත් සියලුම භාණ්ඩ සඳහා පනවා තිබූ සීමා මේ වන විට ඉවත් කර ඇති බව ද ඔහු මෙහි දී සඳහන් කළා.

මේ වන විට අත්‍යවශ්‍ය වන්නේ කුමන වර්ගයේ වාහන ද, පාවිච්චි කළ වාහන ආනයනය කරන්නේද, පාවිච්චි කළ වාහන මොනවාද (භාවිතා කළ වසර ගණන), වාහනවල ඉන්ධන පරිභෝජනය සහ මාර්ගවල ධාරිතාව පිළිබඳව මෙම කමිටුවෙන් සොයා බලනු ඇති බවයි පැවසෙන්නේ.

Latest News

More like this

වාහන සඳහා උපරිම ණය සීමාව සංශෝධනය වේ

මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම්, ලියාපදිංචි මූල්‍ය...

ශ්‍රී ලංකාව ඇමරිකාව සමඟ වෙළඳ ගිවිසුමකට යා යුතුයි.. මහාචාර්ය වසන්ත අතුකෝරාල

රී ලංකාව ඇමරිකාව සමග අවම වශයෙන් වසර 05කට පමණ...

රජයෙන් සීමා වැටුණොත් වාහන මිල අහසේ… වාහන ආනයනකරුවෝ අනතුරු අඟවයි

මෙරටට වාහන ආනයනය කිරීමට මෙම අවුරුද්ද සඳහා වෙන් කරන...
error: Content is protected !!