කොත්තුවක් 1900 යි : විදේශිකයාට පහත් ආකාරයෙන් සැලකූ ස්ට්‍රීට් ෆුඩ් හිමිකරු දැලේ

විදේශිකයෙකුගෙන් අයථා ලෙස මුදල් ලබා ගැනීමට උත්සහ කළ වීදි ආහාර වෙළෙන්දෙකු කොළඹදී අත්අඩංගුවට ගත් බව පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙනවා.

මේ දිනවල සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝවකට අනුව මෙම වෙළෙන්දා විදේශිකයාට කොත්තු රොටියක මිල රුපියල් 1,900 ක් බව පවසන අතර ඒ ගැන විදේශිකයා කරන විමසීමක දී ඔහුට පහත් ආකාරයෙන් බැණ වදින ආකාරය දිස් වෙනවා.

මෙම සිදුවීම වීඩියෝගත කර සමාජ මාධ්‍යවල ප්‍රචලිත වීමත් සමඟ සංචාරක අමාත්‍යාංශය මගින් විමර්ශනයක් ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

මෙම සිදුවීම කෙසෙල්වත්ත පොලිස් වසමේ අළුත් කඩේ ප්‍රදේශයේ Street food නාමයෙන් ආහාර අලෙවි කරන වීදියේ දී සිදුව ඇති බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

Latest News

More like this

ආධාර හරියට බෙදනවාදැයි නිරීක්ෂණයට සජිත්ගෙන් ආපදා තොරතුරු කේන්ද්‍රයක්

දිට්වා සුළි කුණාටුව නිසා අපදාවට පත් ජනතාව සම්බන්ධයෙන් තොරතුරු...

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...