අසීමිත ජන ආදරය මැද නික්ම ගිය තෙවරප්පෙරුම

දේශාපලනඥයකු අභිබවා විශිෂ්ඨ මානව හිතවාදියකු වූවකුගේ එකම වත්කම මිනිසුන් උපයා ගැනීම බව පසක් කරමින් පාලිත තෙවරප්පෙරුම නම් අසහාය දේශපාලන පෞරුෂය ඊයේ(19) දැයෙන් සමුගත්‍තේය.

ඒ පක්ෂ විපක්ෂ ජාති ආගම් කුල මල භේදයකින් තොරව සියල්ලනගේ ඇස්වලට කඳුලක් එක් කරමිනි.

ජනාධිපතිවරයා ඇතුළු දේශපාලන පස මිතුරන් බොහෝ දෙනෙකු ඔහුට අවසන් ගෞරව දැක්වීමට පැමිණි අතර ඔවුන් සියලු දෙනා අභිබවා කැපී පෙනුණේ මෑතකාලයේ ජන නායකයකුට ලබා දුන් ඉහළම ගෞරවය පිරිනැමීම සඳහා පැමිණි ජනතාවගෙන් එම ප්‍රදේශය අතුරු සිදුරු නොමැතිව වැසී යාමයි.

මීට මාස එකහ මාරකට දෙකකට ඉහත දී ඔහුගේ සොහොන් කොත ඔහු විසින්ම ඉදි කරද්දී මියගිය පසු එතරම් ජන ගංගාවක් එහි පැමිණෙනු ඇතැයි ඔහු සිහිනෙන්වත් නොසිතන්නට ඇත.

බලය ඇති දාත් බලය නැති දාත් ඔහු සෑම විටම මාතෘකාවක් වුණේ මිනිසුන්ගේ සතුටටත් වඩා විපතේදීය. පාර්ලිමේන්තු වරම් නොලද නිසා දේශපාලන ලෝකයේ එතරම් මාතෘකාවක් නොවුණත් ඔහු කළ කී දෑ මිනිසුන්ගේ සිත්වලින් මැකී ගොස් නැති බව කියන්නට ගැලූ සෙනඟ ගඟ හොඳටම ප්‍රමාණවත් ය.

එය දැක බොහෝ නායකයින්ගේ ඇස් ඇරුණි.

පාලිතගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි හිටපු ජනපති මෛත්‍රීට මෑතකාලයේ දේශපාලනඥයකුගේ මළ ගෙදරක මෙතරම් සෙනඟක් දැකපු පළමු වතාව බව කියවුණේය.

දුප්පත් මිනිහා, ජාතිවාදයෙන් බැට කන මිනිහා, අන්ත අසරණ වූ මිනිහාගේ පැත්ත ගත්ත තෙවරප්පෙරුමගේ අවංක දේශපාලන භාවිතය ඔහුට ඉතිරි කළ එකම වත්කම එයයි.

ජීවතුන් අතර සිටින, තුන්සිය හැටපස් දවසේම පත්තර ටීවීවල හිස් කතා කියමින් දවසේ මාතෘකාව වීමට පොර කන, ගෙවල් ගිනි තියාවි යැයි කොයි වෙලාවෙත් බයෙන් ඉන්න නායකයින් ඔහුගේ මළගෙදර සෙනඟ දැක පුදුම විය යුතු නැත.

අසීමිත ජන ආදරය ජීවතුන් අතර සිටි තෙවරප්පෙරුමගේ දේශපාලන භාෂාව හා භාවිතය විසින් ඔහු නෙළා ගත් අස්වැන්නයි. ඔහුට අධ්‍යාපන සහතික මිටි ගණන් තිබුණාදැයි අපි දන්නේ නැත. නමුත් ජාතිවාදයට එරෙහි වීමටත් දුප්පත් කමට එරෙහිව සටන් කිරීමටත් අසාධාරණයට එරෙහිව හිට ගැනීමටත් හැකි මානව හිතවාදී හදවතක් සහ නිවැරැදි බුද්ධියක් ඔහු සතු විය.

දේශපාලනඥයා යන වචනයට ද වෛර කරන මිනිසුන් සිටින රටක පාලිත තෙවරප්පෙරුම නික්ම යන්නේ එම වචනයේ ගෞරවය ඉතිරි කර ගත් මිනිසෙකු ලෙසයි.

හරි හම්බ කර ගත් වස්තුව පිරිවරාගෙන නිසල නිවසට ගිය ජනතා හිතෛෂී නායකයාණනි, ඔබට සුව නින්දක්!

Latest News

More like this

හිටපු ඇමති ටිරාන්ට ඩුබායි පාතාලයෙන් මරණ තර්ජන

හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතාට පෙරේදා ඩුබායි...

කථානායකවරයා රාජ්‍ය දේපළ අවභාවිත කරන බවට එල්ලවන චෝදනාවට පිළිතුරු

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ ඔහුගේ පෞද්ගලික කාර්ය...

ඩොලර් මිලියන 6.9ක් රටට පාඩු කළ චීන පොහොර මගඩිය ගැන විමර්ශන CIDය වේගවත් කරයි

ශ්‍රී ලංකාව සහ චීන සමාගමක් වන කිංඩාඕ සීවින් බයෝටෙක්...

කොතලාවල වෛද්‍ය පිඨයට සාමාන්‍ය සිසුන් 100ක් ඇතුළත් කර ගැනීම අනිවාර්ය කෙරේ

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ (KDU) වෛද්‍ය පීඨය...
error: Content is protected !!