දමිතාගේ තවත් ගේමක් එළියට: ලක්ෂ 30 වංචාව ඩබල් වෙයි

කොරියානු රැකියාවක් ලබා දෙන බව පවසමින් ලක්ෂ 30 ක මුදල් වංචා කළ බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් මේ වන විට බන්ධනාගත කර සිටින නිළි දමිතා අබේරත්න සහ ඇගේ සැමියාට එරෙහිව තවත් පැමිණිල්ලක් පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයට ලැබී ඇතැයි වාර්තා වෙනවා.

මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්‍තේ වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ගෙනි.

ඔහුගෙන් ලක්ෂ 34 ක මුදලක් ලබාගෙන පසුව ලක්ෂ 4ක් ආපසු ලබා දී ඇති බවත් පොලිසිය පවසනවා.

මේ සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ඉදිරියේ දී අධිකරණයට කරුණු ඉදිරිපත් කරන බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.

Latest News

More like this

රජයේ වෛද්‍යවරුන්ගෙන් අද සිට පිටින් බේත් ගන්න තුණ්ඩු නෑ

දිවයින පුරා සියලු‍ රෝහල්වල වෛද්‍යවරුන් පිටතින් ඖෂධ ගැනීම සඳහා...

ආරුගම්බේදී විදෙස් කතට අතවර කළ සැකකරු අත්අඩංගුවට

ආරුගම්බෙ ප්‍රදේශයේදී විදේශීය කාන්තාවකට ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධයෙන්...

ගුරුවරියක් ලබා දුන් දඬුවමක් නිසා සිසුවියක් ජීවිතක්ෂයට !

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පල්ගාර්හි පෞද්ගලික පාසලක 6 වන ශ්‍රේණියේ...

බැසිල් සහ අර්ජුන මහේන්ද්‍රන් ‘ටාගට්’ කරගෙන ලොකු ගේමක් පටන් අරන්!

ආණ්ඩුව මේ වනවිට ඉතා රහසිගත අයුරින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ...