විනාඩි 25 ක් ඇතුළත ජපානයේ හමුදා හෙලිකොප්ටර් දෙකක් අබිරහස් ලෙස කඩා වැටේ

හමුදා හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් සෙනසුරාදා (20)සිදුවූ අනතුරෙන් පුද්ගලයන් හත් දෙනෙකු අතුරුදහන් වූ බව ජපාන හමුදාව අද (අප්‍රේල් 21) තහවුරු කළ බව AFP පුවත් සේවය වාර්තා කරයි.

සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට (MSDF) අයත් කඩාවැටුණු SH-60K හෙලිකොප්ටර් යානා දෙක මෙම අනතුරට මුහුණ දුන්නේ පුද්ගලයන් හතර දෙනෙකු බැගින් අට දෙනෙකු රැගෙන යමින් සිටිය දීය.

මාධ්‍ය හමුවක් අමතමින් ආරක්ෂක අමාත්‍ය මිනෝරු කිහාරා වාර්තාකරුවන්ට පැවසුවේ “මුහුදේ දී යානාවල කොටස් යැයි විශ්වාස කරන දේ සොයා ගත්” අතර යානාවල සිටි පුද්ගලයන් අට දෙනාගෙන් එක් අයෙකු සොයා ගත් නමුත් ඔහු ජීවිතක්ෂකයට පත්ව සිටි බවයි.

අනතුරට හේතුව නොදන්නා බව පැවසූ ආරක්ෂක අමාත්‍ය කිහාරා, රාත්‍රියේ සබ්මැරීනවලට එරෙහිව මෙම හෙලිකොප්ටර් යානා අභ්‍යාසවල නිරත වූ බව පැවසීය.

ජපාන විකාශන ආයතනයක් වන NHK විසින් නිකුත් කරන ලද වාර්තාවක සඳහන් වූයේ අතුරුදහන් වූ පුද්ගලයින් හත් දෙනා සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

එරට වේලාවෙන් රාත්‍රී 10.38 ට පමණ ටොරිෂිමා දූපතට ඔබ්බෙන් එක් හෙලිකොප්ටර් යානයක් සමඟ සන්නිවේදනය ඇණහිට ඇති බවත්, විනාඩියකට පසු මෙම හෙලිකොප්ටරයෙන් හදිසි සංඥාවක් ලැබුණු බවත් ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර ඇත.

මෙය සිදුවී විනාඩි 25කට පසු එම ප්‍රදේශයේදීම අනෙක් ගුවන්යානා සමඟ තිබූ සන්නිවේදන සබඳතා ගිලිහී ගොස් ඇති අතර අවට මුහුදේ වෙනත් ගුවන් යානා හෝ යාත්‍රා නොතිබූ බවත්, සිද්ධියට වෙනත් රටක සම්බන්ධයක් ඇතැයි සිතිය නොහැකි බවත් ඔවුන් සඳහන් කර ඇත.

පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී පුද්ගලයන් 10 දෙනෙකු සමඟ ජපාන හමුදා හෙලිකොප්ටරයක් ​​දකුණු ඔකිනාවා හි මියාකෝ දූපතට ආසන්නයේදී කඩා වැටුණි. කිසිවකු දිවිගලවා නොගත් අතර 2022 ජනවාරි මාසයේදී ජපාන ප්‍රහාරක ජෙට් යානයක් මධ්‍යම ඉෂිකාවා කලාපයට ඔබ්බෙන් වූ ජලයට කඩා වැටී එහි සිටි නියමුවන් දෙදෙනෙකු මිය ගියේය.

2019 දී, ද F-35A ජෙට් යානයක් ඊසානදිග ජපානයෙන් පුහුණු මෙහෙයුමක් සඳහා ගුවන් ගත කිරීමෙන් පසු මුහුදට කඩා වැටී ගුවන් නියමුවා මිය ගියේය.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!