“එනකොට බොන්න එපා යනකොට බොන්න” UNP එකේ මැයි දින මාර්ගෝපදේශ මෙන්න

මැයි දිනයට පෙර බොහෝ විට තමන්ට එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධුරය ලැබෙනු ඇති බවත් පාක්ෂිකයින් මැයි දින රැළියට සහභාගී වීමේදී අනුගමනය කළ යුතු කරුණු කිහිපයක් පිළිබඳ සංචාරක හා ක්‍රීඩා ඇමති හරින් ප්‍රනාන්දු මහතා පවසා තිබෙනවා.

ඔහු මෙහි දී පැවසුවේ මැයි දිනය සඳහා එක්සත් ජාතික පක්ෂයට දැනුම් දී ඇත්තේ ලංගම බස් ලබාගන්නා ලෙස බවත් ඒ සඳහා සිරිකොතෙන් මුදල් ගෙවන බවත් ය.

කෑම සහ බීම ලබාදීමට සංවිධානය කර ඇති බවත් පැමිණෙන විට නොබී ආපසු යන විට බොන ලෙස ද ඔහු මෙහි දී ප්‍රකාශයක් කර තිබෙනවා.

මැයිදිනයේ සංවිධායක ධුරයද තමන්ට ලැබෙනු ඇති අතර ඔහු මෙවර මැයි දිනය සියලුම පක්ෂ ඉහලින්ම සමරනු ඇති බව ද මෙහි දී සඳහන් කළා.

ඔහු මෙය අදහස් පළ කළේ එළැඹෙන මැයි දින රැළිය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය සංවිධානය කිරීමේ ජන හමුවක් අමතමිනි.

Latest News

More like this

ගුරුවරියක් ලබා දුන් දඬුවමක් නිසා සිසුවියක් ජීවිතක්ෂයට !

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පල්ගාර්හි පෞද්ගලික පාසලක 6 වන ශ්‍රේණියේ...

බැසිල් සහ අර්ජුන මහේන්ද්‍රන් ‘ටාගට්’ කරගෙන ලොකු ගේමක් පටන් අරන්!

ආණ්ඩුව මේ වනවිට ඉතා රහසිගත අයුරින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ...

තියුණු ආයුධයකින් පහරදී දැරියක් ඝාතනය කරලා !

ගම්පොල පොලිස් වසමේ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ නිවසක සිටි දැරියකට...

ළමා අපයෝජන ගැබ් ගැනීම් ඉහළට

ළමා ලිංගික අපයෝජන සහ ළමා ගැබ් ගැනීම් ඉහළ අගයක්...