අරගල සමයේ ඝාතනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රීට රජයෙන් කෝටියක් ගෙවලා – පාස්කු වින්දිතයන්ට මෛත්‍රී ඇතුළු කණ්ඩායම ගෙවලා තියෙන හැටි මෙන්න

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පස් දෙනෙකුට නියම කරනු ලැනූ රුපියල් ලක්ෂ 310 ක වන්දි මුදලෙන් මේ වන විට ගෙවා ඇත්තේ 11.84% ක මුදලක් පමණක් බවත් 88.15% ක මුදලක් ගෙවීමට ඉතිරිව ඇති බව සමාජ හා සමායික කේන්ද්‍රය විසින් සිදුකළ පරීක්ෂණ වාර්තාවක් පෙන්වා දෙනවා.

එම කේන්ද්‍රයේ නීතිඥ සුරේෂ් පෙරේරා මහතා සඳහන් කලේ මේ වන විට රජය විසින් එක් පුද්ගලයෙකුට ගෙවන ලෙස නියම කළ රු මිලියනයක මුදල ගෙවා අවසන් කර ඇති බවයි.

“හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට කිව්ව මිලියන 50 ක්ගෙවන්න කියලා. ඒකෙන් මිලියන 5 ක් ගෙවලා තියෙනවා. මිලියන 45 ක් දැනට ගෙවලා නෑ. පූජිත ජයසුන්දර හිටපු පොලිස්පතිවරයාට මිලියන 75 ක් නියම වුණා. ඔහු ලක්ෂ 170 ක් ගෙවල තියෙනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මිලියන 100ක් ගෙවන්න නියම වුණා. මිලියන 15 ක් ගෙවල තියෙනවා. නිලන්ත ජයවර්ධන හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයාට මිලියන 75 ක් ගෙවන්න කිව්වා. ඒකෙන් මිලියන 4.1 ක් ගෙවලා තියෙනව. තව මිලියන 70.9 ක් ගෙවන්න තියෙනවා. සම්පූර්ණ වශයෙන් ගෙවන්න තියෙන මුදල මිලියන 311ක්. ඒකෙන් ගෙවල තියෙන්නෙ 11.4 ක් පමණයි”

තව ද මෙහි දී අදහස් දැක්වූ එම කණ්ඩයමේ දුරේක්ෂා ගයානි පැවසුවේ 2022 වර්ෂයේ ඝාතනය වුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට වන්දි ලෙස රජය රුපියල් කෝටියක මුදලක් ගෙවා ඇති බවයි. ඒ පුද්ගලයා සහ පාස්කු ප්‍රහාරයෙන් මියගිය අයගේ ජීවිත අතර වෙනස කුමක්දැයි මෙහි දී ප්‍රශ්ණ කර සිටියා.

Latest News

More like this

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...

සහන මුදල් සතපහක් ආපසු හරවා එවන්න එපා.. ජනපති අනුරගෙන් උපදෙස්

ආපදාවට ලක් වූ ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මෙම...