IMF මීළඟ ණය වාරිකය අහිමි වෙන ලකුණු

ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීළඟ වාරිකය අහිමි වීමේ අවධානමක් මතු වී ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසනවා.

බැඳුමිකර හිමියන් සමඟ සිදු කළ සියලු සාකච්ඡා අසාර්ථක පසුබිම වත්මන් ආණ්ඩුව ජනාධිපතිවරණය දක්වා ණය ප්‍රතිව්‍යුහගත කල් මරණ බවට සාධාරණ සැකයක් ඇති වන බවත් එම කල් මැරීම නිසා මීළඟ වාරිකය ලබා දීමේ අවිනිශ්චිතතාවක් මතු වී ඇති බවයි ඔහු පවසන්නේ.

ඒමහතා මේ බව සදහන් කර සිටියේ 22දා පිවිතුරු හෙළ උරුමය පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩි දුරටත් මෙසේද අදහස් දැක්වීය.

ආණ්ඩුව මේ වන විට පාර්ශව තුනක් සමග ණය ප්‍රතිව්‍යුහකරණය පිළිබඳ සාකච්ඡා කරමින් ඉන්නවා. ඒ චීනය හැර ණය දුන් රාජ්‍යයන්ගෙන් සමන්විත නිල ණය හිමි කමිටුව, චීනය සහ බැඳුම්කර හිමියන්. චීනය සහ නිල ණය හිමි කමිටුව සමග එකඟතාවයන්ට එළැඹෙන්න ආණ්ඩුව සමත් වුණත් බැඳුම්කර හිමියන් සමග පැවැත්වූ සියළුම සාකච්ඡා අසාර්ථකයි. බැඳුම්කර හිමියන් ඉදිරිපත් කරපු ණය ප්‍රතිව්‍යුහකරණ සැලැස්ම ආණ්ඩුව ප්‍රතික්ෂේප කරලා. ඩොලර් බිලියන දොලහමාරක් බැඳුම්කර ආයෝජනය කරලා එකින් එක නොගෙවා තිබියදී මේ අයගේ පපුව ගිනි අරන්. 2022 ගෙවන්න තිබුණු ඩොලර් බැඳුම්කරවල එක ශතයක් තවම ගෙවා නෑ. තමන්ගේ මුදල් ගෙවන්නේ නැතිව හිර වෙලා තිබුණාම එතැන ආවස්ථික පරිවැයක් තිබෙන නිසා බැඳුම්කර හිමියෝ ප්‍රමාද පොලියක් බලාපොරොත්තු වෙනවා. 2023 දෙසැම්බර් 31 දිනට ප්‍රමාද පොලිය විතරක් ඩොලර් මිලියන 1,678ක් එකතු වෙලා තිබෙනවා. මේක දිනපතා ඉහළ යනවා.

බංකොලොත් බව ප්‍රකාශ කරලා දැන් අවුරුදු දෙකකට වැඩියි. තවමත් ණය ප්‍රතිව්‍යුහකරණය අවසන් කරන්න ආණ්ඩුවට බැරි වෙලා තිබෙනවා. කෝවිඩ් වසංගතයත් එක්ක ලෝකයේ බංකොලොත් වුණු රාජ්‍ය ගණනාවක් තිබෙනවා. ඊජිප්තුව, ඉතියෝපියාව, ඝානා, කෙන්යාව, ලෙබනනය, පකිස්තානය, ටියුනීසියාව, යුක්රේනය සහ සැම්බියාව ඒ අතරේ තිබෙනවා. මේ රටවල් අවුරුදු දෙකක් සාකච්ඡා කරමින් හිටියේ නෑ. ණය ප්‍රතිව්‍යුහකරණය අවසන් වුණු වහාම තම මුදල් ගෙවීම සුළුවෙන් හෝ අරඹාවි කියා බැඳුම්කර හිමියන් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ජනපතිවරණය අවසන් වන තෙක් ණය ප්‍රතිව්‍යුහකරණයේදී ආණ්ඩුව කල් මරණවාය කියන සාධාරණ සැකය අපට ඇති වෙලා තිබෙනවා. ආණ්ඩුවේ මේ කල් මැරීම නිසා මූල්‍ය අරමුදලේ මීළඟ වාරිකය අහිමි වීමේ අවදානමක් දැන් මතු වී තිබෙනවා.”

Latest News

More like this

අගෝස්තු 02වැනිදා ෂාරුක් ඛාන් කොළඹ සිහින නගරයට පැමිණීම තහවුරු කරයි

“බොලිවුඩයේ කින්ග් ඛාන්”ලෙස ජනප්‍රිය ෂාරුක් ඛාන් 2025 අගෝස්තු 2...

පරිපාලනයක් නැතිව ජාතික රෝහල ලෙඩ වෙයි.. හදවත් රෝගීන්‍ට ලක්ෂයක බේත් පිටින් ගේන්න කියයි

කොළඹ ජාතික රෝහලේ සැත්කම් නියම කරනු ලබන හෘද රෝගීන්ට...

මුහම්ම්ද් නබිතුමන්ට කාටුනයකින් අපහාස කළ තුර්කියේ මාධ්‍යවේදීන් සිව් දෙනෙක් අත්අඩංගුවට

මාධ්‍ය මර්දනය සම්බන්ධයෙන් කලු පැල්ලම් සහිත ඉතිහාසයක් ඇති තුර්කිය...
error: Content is protected !!