අනුර සජිත් විවාදය මෙහෙයවීමට නීති ශිෂ්‍යයෝ පෙරට එයි

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විවාදය සංවිධානය හා ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට නීති ශිෂ්‍ය සංගමය ඉදිරිපත් වී සිටිනවා.

රට පුරා නීති සිසුන් නියෝජනය කරන ප්‍රමුඛතම ආයතනය වන නීති ශිෂ්‍ය සංගමය ඊට අදාළ ආරාධනා පක්ෂ දෙකේම නියෝජිතයන් වෙත යොමුකර ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව එම සංගමයේ සභාපති නවෝද් රත්නසේකර විසින් සමගි ජන බලවේගය වෙනුවෙන් එහි නායක සජිත් ප්‍රේමදාස සහ මහ ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාරටත් ජාතික ජන බලවේගය වෙනුවෙන් එහි නායක අනුර කුමාර දිසානායකට සහ එහි විධායක මණ්ඩල සභික වෛද්‍ය නලින්ද ජයතිස්සට මෙම ආරාධනා පත්‍ර යොමුකර ඇති බව සඳහන්.

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අභියෝග පිළිබඳව සොයා බැලීමටත්, ඒවාට ප්‍රතිචාර වශයෙන් එක් එක් පාර්ශ්ව විසින් යෝජනා කරන ආර්ථික ප්‍රතිපත්ති විමර්ශනය කිරීමටත් නීති ශිෂ්‍ය සංගමය හැකි පරිදි නීති ශිෂ්‍ය සංගමය එම විවාදය සැලසුම් කරනු ඇති බව පැවසෙනවා.

Latest News

More like this

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...

සහන මුදල් සතපහක් ආපසු හරවා එවන්න එපා.. ජනපති අනුරගෙන් උපදෙස්

ආපදාවට ලක් වූ ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මෙම...