“මිත්‍රවරුනි” කියල ඉස්කෝලෙ ළමයින්ට කතා කරන කෙනෙක් එක්ක විවාද කරන්න වෙලා

රටේ පවතින වාතාවරණය අනුව ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයෙකු ලෙස විවාද කිරීමට සිදු වුවත් සජිත් ප්‍රේමදාස මහතා සමඟ විවාද කිරීමට දෙයක් නැති අතර ඔහු පාසල් සිසුන්ට නිසි පරිදි ආමන්ත්‍රණය කිරීමට නොදන්නා පුද්ගලයෙකු බව ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් අද (24) පැවති මාධ්‍ය හමුවක දී පැවසුවා.

ඔහු පාසල් සිසුන් “මිත්‍රවරුනි” ලෙස ආමන්ත්‍රණය කරන බවයි ඔහු සඳහන් කළේ.

“මං දැක්කා වීරකැටිය පැත්තේ පාසලක ගිහින් බඩු වගයක් බෙදනවා. එතනදී ළමයින්ට කතා කළේ “මිත්‍රවරුනි” කියලා. ඊට කලින් රන්මිණි තැන්නෙ ගිහිල්ලත් ඒ විදියට කතා කළා. ළමයින්ට කතා කරන භාෂාව දන්නෙවත් නැති කෙනෙක් ඔහු. ඊට පස්සෙ ළමයින්ට කියනවා දින හතරක් එවලා තියෙනවා. මං ලෑස්තියි විවාදෙට කියලා. ඒක දරුවන්ට කියලා වැඩක් තියේද? අපිටනෙ කියන්න ඕන.”

Latest News

More like this

ඊශ්‍රායාලය සෝමාලිලෑන්ඩ් පිළිගත් පළමු රට බවට පත් වුණේ ඇයි?

සෝමාලිලෑන්ඩ් ස්වාධීන හා ස්වෛරී රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගත්පළමු...

විගණකාධිපති පත් කරන ලෙස ජ්‍යාත්‍යන්තර හා දේශීය සංවිධාන 20කින් ජනපතිට බලපෑම්

විගණකාධිපති ධුරය වහාම පුරවන ලෙස ඇමිනෙස්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය, ශ්‍රී...

රනිල්, දේශබන්දු සහ හිටපු ජනාධිපති ලේකම්ගේ ඉරණම තීන්දු කරන තීරණාත්මක සාකච්ඡාවක්…

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම බිරිඳගේ ආචාර්ය උපාධි...