දැන් ඉතින් කිසිම ප්‍රශ්ණයක් නැතිව ලයිට් බිල් අඩු කරන්න පුළුවන්

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියත් සමග මෙගා වොට් 120 ක ජල විදුලියක් ලැබෙන අතර ඉදිරියේදී විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ කටයුතු “කිසි ම ප්‍රශ්නයක් නැතුව” සිදු කළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා තිබෙනවා.

ඔහු මේ බව පැවසුවේ අද (අප්‍රේල් 24) උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීම සඳහා පැවති උත්සවයේදී ය.

“අපේ බලශක්ති ඇමතිතුමාටයි, මුදල් අමාත්‍යංශයටයි විශාල සහනයක්. තව මෙගාවොට් 120ක් ජල විදුලි බලය ලබෙනවා. ඒ නිසා මිල වැඩි කරනවා ද අඩු කරනවා කියන ප්‍රශ්නය නැහැ. මං හිතන්නේ ඊළඟ මාස කිහිපයේ කිසි ම ප්‍රශ්නයක් නැතුව ඒ වැඩකටයුතු ගෙන යන්න පුළුවන්.”

“ඉරානය සමග මීට වඩා කිට්ටු සම්බන්ධකම් ඇති කරගෙන අපි ඉදිරියට යමු,” යැයි එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළා.

Latest News

More like this

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...

සහන මුදල් සතපහක් ආපසු හරවා එවන්න එපා.. ජනපති අනුරගෙන් උපදෙස්

ආපදාවට ලක් වූ ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මෙම...