ජනාධිපති සමාව දෙන්න මෛත්‍රී අල්ලස් ගත් බවට ප්‍රබල චෝදනාවක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ජනාධිපති සමාව පිරිනැමූ රෝයල් පාර්ක් ඝාතනයේ චූදිත ජූඩ් ශ්‍රමන්ත ඇන්තනි ජයමහ නිදහස් කිරීමට අල්ලසක් ලබාදීමට උත්සාහ කළ බවට ඇමැති මහින්ද අමරවීර චෝදනාවක් කර තිබෙනවා.

වරදකරු නිදහස් කර ගැනීම සඳහා තමා ඇතුළු පිරිසට අල්ලසක් දීමට ඉදිරිපත් වූ බව ද ඇමැතිවරයා පවසනවා.

2019 වසරේ ජූඩ් ශ්‍රමන්ත ඇන්තනි ජයමහට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සමාව ප්‍රදානය කරනු ලැබුවා.

2005 වසරේ ඔහුට මරණ දඬුවම ලබා දුන්නේ රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේ දී ස්වීඩන් ජාතික ඉවෝන් ජොන්සන් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්.

අමරවීර ඇමැතිවරයා පවසන්නේ ඔහුට දුන් ජනාධිපති සමාව සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බවයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔහුට ජනාධිපති සමාව ලබාදීමට ගත් තීරණය ඉවෝන් ජොන්සන්ගේ පවුල ඇතුළු සමාජයේ විශාල පිරිසකගේ දැඩි විවේචනයට හේතු වුණා.

Latest News

More like this

ඊශ්‍රායාලය සෝමාලිලෑන්ඩ් පිළිගත් පළමු රට බවට පත් වුණේ ඇයි?

සෝමාලිලෑන්ඩ් ස්වාධීන හා ස්වෛරී රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගත්පළමු...

විගණකාධිපති පත් කරන ලෙස ජ්‍යාත්‍යන්තර හා දේශීය සංවිධාන 20කින් ජනපතිට බලපෑම්

විගණකාධිපති ධුරය වහාම පුරවන ලෙස ඇමිනෙස්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය, ශ්‍රී...

රනිල්, දේශබන්දු සහ හිටපු ජනාධිපති ලේකම්ගේ ඉරණම තීන්දු කරන තීරණාත්මක සාකච්ඡාවක්…

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම බිරිඳගේ ආචාර්ය උපාධි...