කටුනායක ගුවන් තොටුපළේ ප්‍රභූ පර්යන්තය තුළ වෙඩි තැබීමක්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ අද (30)වෙඩි තැබීමක් සිදුව ඇතැයි වාර්තා වෙනවා.

එම වෙඩි තැබීම සිදුව ඇත්තේ එහි රාජකාරිවල නිරත වී සිටි ගුවන් හමුදා භටයෙකුගේ ගිනි අවිය හදිසියේම ක්‍රියාත්මක වීමෙන් බවයි පැවසෙන්නේ.

විශේෂ අමුත්තන්ගේ ප්‍රභූ පර්යන්තය තුළදී ශ්‍රී ලංකා ගුවන් හමුදා භටයෙකුගේ ගිනි අවිය මෙසේ ක්‍රියාත්මක වී ඇතැයි සඳහන්.

මේ හේතුවෙන් එම පර්යන්තයේ වහළයට හානි සිදුව තිබෙනවා.

අද උදෑසන 10.25 ට පමණ ශ්‍රී ලංකා ගුවන් හමුවේ නායක ගුවන් භටයා සතුව තිබූ ටී.- 56 වර්ගයේ ගිනි අවිය මෙලෙස වැරදීමකින් පත්තු වී තිබූ අතර ඉන් කිසිදු ජීවිත හානියක් සිදුව නැති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට ගුවන් භටයා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර කටුනායක ගුවන්තොටුපොළ පොලිසිය හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Latest News

error: Content is protected !!