අවසර නැතිව ඩ්‍රෝනාවලට මැයි දිනය තහනම් – රට පුරා ආරක්ෂාව තර කෙරේ

මෙවර මැයි දින රැළි ආවරණය කිරීම සඳහා අවසරයකින් තොරව ඩ්‍රෝන යානා භාවිතය තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පවසනවා.

මැයි රැළි ආවරණය සඳහා ඩ්‍රෝන යානා යොදා ගැනීමට අවශ්‍ය නම් පූර්ව අනුමැතිය ඒ සඳහා ලබා ගත යුතු බවයි ඔහු පවසන්නේ.

එම නීතිය දිවයින පුරා සියලු මැයි රැළි සඳහා අදාළ වන බව පැවසෙනවා.

ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් හෙට (මැයි 01) පැවැත්වෙන පෙළපාලි සහ මැයි දින රැළි වෙනුවෙන් දිවයින පුරා පොලිස් නිලධාරීන් 9,000 කට වැඩි සංඛ්‍යාවක් යොදවන බව ද පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 350 ක් යොදවන අතර අවශ්‍ය වුවහොත් යුද හමුදාව ද කැදවන බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

දිවයින පුරා මැයි රැළි 40 ක් පැවැත්වෙන අතර කොළඹ ප්‍රදේශයේ මැයි රැළි 14 ක් පැවැත්වෙන බවත් ඒ සදහා බස් රථ පමණක් 6,800ක් පමණ කොළඹට පැමිණීමට බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියනවා.

කොළඹට පැමිණෙන මෙම වාහන හැසිරවීමට රථවාහන නිලධාරීන් 1200 ක් පමණ යෙදවීමට නියමිතයි.

Latest News

More like this

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...

සහන මුදල් සතපහක් ආපසු හරවා එවන්න එපා.. ජනපති අනුරගෙන් උපදෙස්

ආපදාවට ලක් වූ ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මෙම...