හිටපු ක්‍රීඩා ඇමතිට වස දී මරා දැමීමේ උවමනාව කාගෙද

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ඝාතනය කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක වූ බව වාර්තා වෙනවා.

ඔහු මේ බව පැවසුවේ ඔහුගේ නායකත්වයෙන් යුතු ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අම්පාර නගර ශාලාවේ පැවති මැයි රැළිය අමතමිනි.

ඔහු සඳහන් කරන ආකාරයට එම සැලසුම ක්‍රියාත්මක වී ඇත්තෙ ඔහු ජපානයේ සංචාරයක යෙදෙමින් සිටිය දීයි. එහි දී ඔහුගේ බහිස්‍රාවීය පද්ධතිය ක්‍රමයෙන් අක්‍රීය වීමට පටන් ගත් බව ඔහු පවසනවා.

තමන්ට ලබාදුන් ආහාරයකට විෂ වර්ගයක් එක්කර කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී තිබූ බව ජපානයේදී සිදු කරන ලද පරීක්ෂණවලදී හෙළි වූ බවයි ඔහු සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් මෑතකදී දේශපාලඥයකුගේ කටින් වචනයක් පැන ඇති බවත් ඔවුන් උත්සාහ කරන්නේ කිසිවකු මරා දමා හෝ බලය රැකගැනීමට බවද ඔහු තවදුරටත් එහිදී කියා සිටියා.

Latest News

error: Content is protected !!