මම මෙවන් රැලියක් අමතන පළමු අවස්ථාව මේ…- අතේ පටියකුත් බැඳන් මාතර මූදු මාවතේදී හරිනි කළ මැයි කතාව

අතිවිශාල කාන්තාවන් ප්‍රමාණයක් මැයි දිනයකට සහභාගී වන ඉතිහාසයේ පළමු මැයි දිනය මෙය බවත් වැටුප් හිමි හා වැටුප් අහිමිව වැඩ කරන සියලුම කාන්තාවන් ජාතික ජන බලවේගයේ මැයි දින රැළියට එක් වී සිටින්නේ දේශපාලන වගකීම ඉටු කිරීමට බවත් ජාතික ජන බලවේගයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය පවසනවා.

තමා මෙවැනි ලක්ෂ ගණනක ජනතාවක් අමතන පළමු වතාව එය බව ඇය පැවසුවේ ජාතික ජන බලවේගයේ මාතර මූදු මාවතට එක් වූ ලක්ෂ ගණනක ජන ගඟ අමතමිනි.

“මෙතැනට එකතු වෙලා ඉන්නේ ඉතිහාසය වෙනස් කරන ඉතිහාසයේ පෙරළියක් කරන අරගලකරුවන්. සටන් කාමීන් ඔවුන් හොඳින් මතක තබා ගන්න. මෙවැනි මැයි දිනයක් අමතන ප්‍රථම වතාව. ලක්ෂ ගාණක් සෙනඟ ඉදිරියේ කතා කරන ප්‍රථම වතාව.

අද මැයි දිනය කවදාවත් අමතක වෙන්නෙ නෑ. මට නිසැකයි ඔයාලටත් කවදාවත් අමතක වෙන එකක් නෑ.” ඇය මෙහි දී පැවසුවා.

Latest News

More like this

ට්‍රම්ප්ට ඩිමෙන්ෂියා ද?

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා FIFA Club ලෝක...

යුක්‍රේනයට මොස්කව් ඉලක්ක කිරීමට ඉඩ දෙන්නේ නැහැ… ට්‍රම්ප්කියයි

යුක්‍රේනය මොස්කව් ඉලක්ක නොකළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ඇසළ පෙරහරේ ආසන රු 65,000ට නගී

මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ නැරඹුම් ආසන ටිකට්පත් රුපියල් 50,000ත්...

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...
error: Content is protected !!