අපි උසි කියන්න විතරයි ඕන. බුරනවා ඉවරයක් නැතුව – හිරු නාළිකාවට කුඩු වෙන්න ප්‍රහාරයක්

වසර 76 ක් තිස්සේ මෙරට දේශපාලන ක්‍රමය විකෘති කිරීමට දායක වූ පාලකයන් වන මහින්ද රාජපක්ෂ හෝ රනිල් වික්‍රමසිංහ සිය ජීවිත කාලයක් තුළ ජාතික ජන බලවේගය අතට බලය හුවමරු වීමක් පිළිබඳ නොසිතුව බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

එම අනපේක්ෂිත තත්ත්වය හේතුවෙන් මේ වන විට ඔවුන් ව්‍යාකූල වී ඇති බවයි ඔහු සඳහන් කළේ.

මේ දිනවල රූපවාහිනී වැඩසටහන් වලින් එය මැනවින් නිරූපනය වන බවත් ඔහුප්‍රකාශ කළා.

බුරන්නේ දේශපාලකයින් පමණක් නෙවෙයි. සමහර මාධ්‍ය ආයතනත් බුරන්න පටන් අරන්. තමන්ගේ මාධ්‍ය වගකීම ජාතික ජන බලවේගයට පහර දීමම පමණක් බව ඔහු පැවසුවා.

කිසිදු මිනීමරුවෙකුට ස්ත්‍රී දුෂකයෙකුට ළමා අපචාර කරුවක්ට නිදහසක් නොදෙන බව පමණක් සහතික වන බවයි නායක අනුර ප්‍රකාශ කළේ.

ඔහු මේ බව සඳහන් කළේ ජාතික ජන බලවේගයේ කොළඹ පැවති මැයි දින හමුව අතරතුරදීයි.

“ඉතාමත් අසීරු කාල පසු කළා. අවලාද ගැහුව. තර්ජන එල්ල කළා. රූපවාහිනියකට එන්න බෑ. ආපු හැටියෙ බුරනවා. බුරනවා. බුරනවා. අපිට එකයි කියන්න තියෙන්නෙ. උසි උසි. ඔච්චරයි. ඒගොල්ලො ඒ තරම් ව්‍යාකූල තත්ත්වයට පත් වෙලා තියෙන්නෙ.

සමහර අය කලබල වෙන්න ඕන. මහජනයගෙ ධනය සොරකම් කළ අය. ඒගොල්ලො හැමදාම හිතුව එක්කො අපි ආණ්ඩුව .නැත්නම් අනිත්ගොල්ලො. ඒගොල්ලො කවදාවත් හිතුවෙ නෑ මේ පරිවර්තනය වෙයි කියලා.

බටලන්ද ගිනිලෑම කියල පොතක් තියෙනව. අරන් බලන්න. කෝට් එක ඇඳගෙන ටයි එක දාගෙන ඉන්න රනිල් ටයි එක ලේ වලින් හෝදලා තියෙන්නෙ. පාතාලය මෙහෙයවපු, විධායක ජනාධිපති ධූරය හදපු රනිල්ලා තමන්ට ඕන විදියට ව්‍යවස්ථාව වෙනස් කරගත්තු රනිල්ලා කවදහරි හිතුව ද එයාගෙ ජීවිත කාලය ඇතුළත ඒ දේවල් අභියෝගයට ලක් වෙයි කියලා.

තමන්ට ඕන විදියට ව්‍යවස්ථාව වෙනස් කරගත්තු මහින්ද රාජපක්ෂ තමන්ගෙ මල්ලි ජනාධිපති පුටුවේ වාඩි කරපු මහින්ද රාජපක්ෂ, තමන්ගෙ අනිත් මල්ලිට මුදල් ඇමතිකම දුන්න මහින්ද රාජපක්ෂ, තමන්ගෙ පුතාට ජනාධිපති පුටුව සැලසුම් කළ මහින්ද රාජපක්ෂ එයාගෙ නහින දෙහින කාලෙ මේ වගේ අබැද්දියකට මුහුණ දෙන්න වෙයි කියල හිතුවෙ නෑ.

ඔවුන් නොහිතපු දේශපාලනය 76 වසරකට පස්සෙ ලංකාවෙ සිදු වීතිබෙන දීප්තිමත්ම දේශපාලන පෙරළිය, ප්‍රභාමත්ම දේශපාලන පෙරළිය, ජාතික ජනබලවේගය වෙත බල හුවමාරුවක් සිදුවීම මහින්ද හෝ රනිල්ගේ ජීවිත කාලය තුළ සිද්ධ වෙන අනපේක්ෂිත සන්සිද්ධියක්.”

Latest News

More like this

සුජීව සේනසිංහ V8 එක ගැන පරීක්ෂණවලදී ප්‍රකාශයක් ලබාදීම හයවතාවක් මඟ ඇරලා

නීති විරෝධීව එක්ලස් කළා යයි චෝදනා එල්ල වී ඇති...

25 හැවිරිදි තරුණියකගේ ගෙල කපා සිදු කළ මහා අපරාධය..

මැණික් ඔපදමන්නියක ලෙස පෞද්ගලික ආයතනයක සේවය කළ විසිපස් හැවිරිදි...

ශ්‍රී ලංකා පොලිස් ෆේස්බුක් පිටුවෙන් බ්ලොක් කිරීමට එරෙහිව මානව හිමිකම් ගිය තරුණයා

ශ්‍රී ලංකා පොලිසියේ නිල ෆේස්බුක් පිටුවෙන් තම ෆේස්බුක් ගිණුම...

පැය 48කදී ඊශ්‍රායලය ගාසා තීරයේ 300ක් ඝාතනය කරයි

පසුගිය පැය 48 තුළ ඊශ්‍රායල හමුදා විසින් පලස්තීන ජාතිකයින්...
error: Content is protected !!