රටම ආවරණය වන සමීක්ෂණයකින් පසු රනිල් ජනාධිපතිවරණ සටනින් ඉවත් වීමේ ඉඩක්

සමීක්ෂණ මත පදනම්ව සෑම විටම සිය දේශපාලන තීන්දු තීරණ ගනු ලබන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මැයි මාසය අග වන විට ප්‍රකට සමීක්ෂණ පවත්වනු ලබන ආයතනයක් මඟින් දිවයින පුරා සිදු කරන සමීක්ෂණයේ ප්‍රතිඵලය අනුව ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම පිළිබඳ තීන්දුවක් ගැනීමට නියමිත බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ රූපවාහිනී දේශපාලන සංවාදයක් අතරයි.

මේ වන විට හාල් බෙදමින්, වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කරමින් ඔහු එම සමීක්ෂණ ප්‍රතිඵලය වෙනස් කර ගැනීමට සියලු උත්සහයන් දරනු ඇතිබව ඔහු පවසනවා.

එමෙන්ම එම සමීක්ෂණයේ ප්‍රතිඵලය අනුව රනිල් වික්‍රමසිංහ මහතාට ජයග්‍රහණය කිරීමේ සම්භාවිතාවක් නොමැති නම් ඔහු එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් නොවීමේ වැඩි ඉඩක් පවතින බව නලින් බණ්ඩාර මහතා සඳහන් කළා.

Latest News

More like this

දිට්වා සම්බන්ධයෙන් විමර්ශනයකට ඉහළ බලැති පාර්ලිමේන්තු කමිටුවක් පත් කරන්න.. පාඨලී

'දිට්වා' සුළි කුණාටුව හැසිරවීම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ස්වාධීන,...

මස්ක්ගෙන් ලංකාවට ස්ටාර්ලින්ක් සහනාධාරයක්

එක්සත් ජනපද ප්‍රකෝටිපතියකු වන ස්ටාර්ලින්ක් ආයතනයේ හිමිකරු වන ඊලොන්...

මෙසීව බලන්න අපි හනිමුන් එක කැන්සල් කළා…

ජනප්‍රිය පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී "GOAT India Tour" සංචාරය...