විවාදය තීන්දුයි.. දිනය අද හෝ හෙට ලබා දෙන බවට නලින් බණ්ඩාරගෙන් ප්‍රකාශයක්

ජාතික ජන බලවේගයේ නලින්ද ජයතිස්ස හා සමගි ජන බලවේගයේ නලින් බණ්ඩාර එකම වේදිකාවකට ගෙනැවිත් යෝජිත සජිත් අනුර විවාදය පැවැත්වෙන දිනය නිශ්චිතවම ප්‍රකාශ කරන ලෙස ඊයේ (02) සිරස මාධ්‍ය ජාලය ඉල්ලීමක් කර තිබෙනවා.

එහි දී සමගි ජන බලවේගයේ නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා නායකයින් දෙදෙනා අතර විවාදය මෙන්ම යෝජිත ආර්ථික කමිටු අතර විවාදය ද සිදුවන්නේ නම් පමණක් එම විවාද දෙක සඳහාම දින ලබා දීමක් කළ හැකි බව සඳහන් කළා.

ඒ අනුව නලින්ද ජයතිස්ස මීට පෙරද එම පක්ෂය පැහැදිලි කළ ආකාරයටම මැයි 20 වැනිදාට පෙර සජිත් ප්‍රේමදාස එම විවාදයට සහභාගී නොවන්නේ නම් දෙවැනි පියවර ලෙස ආර්ථික කමිටු අතර විවාදයට තම පක්ෂය සූදානම් බව පැවසුවා.

එහි දී නලින් බණ්ඩාරට එසේ නම් කැලැන්ඩර බලා අද (03) හෝ හෙට (04) යන දින දෙකෙන් එකක විවාද දින දෙකම ලබා දෙන බව සඳහන් කළා.

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ද සති අන්තයේ දින ලබා දෙන බව පවසා ඇති බවයි නලින්ද ජයතිස්ස එහිදී පවසා සිටියේ.

Latest News

More like this

ඊශ්‍රයාල ඝාතන කුමන්ත්‍රණයකින් ඉරාන ජනාධිපතිවරයා තුවාල ලබයි

ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් ජුනි 16 වන දින ඊශ්‍රායල...

ට්‍රම්ප්ගේ තීරු බදු තර්ජනයට ප්‍රංශය, ජර්මනිය ඇතුළු යුරෝපා රටවල්වල ප්‍රතිචාරය

එක්සත් ජනපදයේ ට්‍රම්ප් පරිපාලනය විසින් අගෝස්තු 01 වනදා සිට...

චීනය රහසේ ඔත්තු බැලීම් සඳහා මී මැස්සන්ගේ මොළය හැසිරවිය හැකි ගැජට් එකක් සොයාගනී

මී මැස්සන්ගේ මොළයට පාලක ඇතුළු කර ඔවුන් පියාසර කළ...

ඉන්දීය බිහිසුණු ගුවන් අනතුරට හේතුව අනාවරණය වේ…

පසුගිය ජුනි මාසයේ ඉන්දියාවේ අහ්මදාබාද් හි දී පුද්ගලයින් 260...
error: Content is protected !!