ආසියාවේ ඉහළම වීසා ගාස්තු දැන් ශ්‍රී ලංකාවේ. සංචාරකයින් මිලියන දෙකකින් අඩු වීමේ අවධානමක්

ශ්‍රී ලංකාව මේ වන විට ආසියාවේ ඉහළම වීසා පිරිවැයක් දරන රට බවට පත්ව ඇති අතර තායිලන්තය, වියට්නාමය වැනි නොමිලේ වීසා ලබා දෙන හෝ ඉතා අඩු ගාස්තු අය කරන තරඟකාරී ගමනාන්තයන්ට සාපේක්ෂව සංචාරකයින් සඳහා සැලකිය යුතු බාධකයක් නිර්මාණය කර ඇති බව සංචාරක කර්මාන්ත හිමිකරුවන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් පවසා තිබෙනවා.

එම ලිපිය යොමු කරමින් ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ සංචාරකයෙකුට අවශ්‍ය වන පරිදි දින 30ක් සඳහා ප්‍රවේශය ලබා ගැනීමට හැකි වන පරිදි පෙර පැවති ETA ක්‍රමයට සමානව රජය විසින් ක්‍රියාත්මක වන වෙබ් අඩවියක් හරහා පහසුවෙන් වීසා ලබා ගත හැකි පරිශීලක-හිතකාමී වීසා ක්‍රියාවලියක් ලෙස නැවත එම ක්‍රියාවලිය යථා තත්ත්වයට පත් කරන ලෙසයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතියේ ප්‍රධාන කුළුණක් වන සංචාරක කර්මාන්තය 2024 දී සංචාරකයින් මිලියන 2.3 ත් 2.5 ත් අතර ප්‍රමාණයක් පැමිණෙනු ඇති බවට අපේක්ෂාවෙන් සිටින බවත් වීසා වෙනස් කිරීම් මෙම ඉලක්කය සපුරා ගැනීමේ දී තර්ජනයක් වනු ඇති බවයි ඔවුන් පවසන්නේ.

හදිසි ගාස්තු වැඩිවීම සහ සංකීර්ණ ක්‍රියාවලිය සංචාරකයින් අධෛර්මත් කරන අතර සංචාරකයින්ගේ පැමිණීම මිලියන 2 ට වඩා අඩු විය හැකි බව ඔවුන් අවධාරණය කර තිබෙනවා.

Latest News

More like this

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගෙන් ඩොලර් මිලියන 35ක මානුෂිය සැලැස්මක්

දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන ජීවිතය...

ධනවතුන්ට ඇමරිකාවේ ස්ථීර පදිංචිය දෙන ට්‍රම්ප්ගේ ‘Gold Card Visa’ විවෘත කෙරේ

අවම වශයෙන් ඩොලර් මිලියන1 ක් ගෙවිය හැකි ධනවත් විදේශිකයන්ට...

දිලිත්ගේ දෙරණ අමෙරිකානු සුපර් හර්කියුලිස් ගුවන් යානයකින් උතුරට

අයහපත් කාලගුණය හේතුවෙන් උතුරේ විපතට පත්වූ ජනතාවට සහන රැගෙන...

සහන බෙදන රජයේ නිලධාරීන්ට දරාගත නොහැකි තරම් පීඩනයක්

ශ්‍රී ලංකාව පුරා දැඩි විනාශයක් සිදු කළ සුළි කුණාටුවෙන්...