විදේශිකයන්ගේ වීසා කටයුතු විදෙස් සමාගමකට ලබා දීම පිටුපස බරපතල සැක සංකා ගණනාවක් – රටට වහාම ඇත්ත හෙළි කරන්න

රටේ ජාතික ආරක්ෂාවට,සංචාරක ව්‍යාපාරයට ඉමහත් බලපෑමක් එල්ල කරනු ලබන විදේශිකයන් සඳහා වීසා ලබා දීමේ ක්‍රියාවලිය හදිසියේ ක්ෂණිකව විදෙස් සමාගමක් වෙත පැවරීම පිටුපස බරපතල සැක කටයුතු තත්ත්වයක් පවතින බව ජාතික ජන බල ව්‍යාපාරයේ විධායක සභික නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

මීට පෙර එම වීසා නිකුත් කිරීම සිදු කළේ ආගමන විගමන දෙපාර්තමේන්තුව මඟින් වන අතර ලංකාවට එන විදේශිකයන් සඳහා වීසා නිකුත් කළේ ETA ක්‍රමවේදයටයි.

1948 සිට 2012 දක්වා ගත වුණු කාලය තුළ රටවල් කිහිපයකට හැර සෙසු රටවල් සඳහා ලංකාව වීසා ගාස්තුවක් අය කළේ නැති අතර 2012 වසරේ දී රජය සංචාරකයින්ගෙන් ඩොලර් 60 ක් ඒ සඳහා අය කිරීම ආරම්භ කළා.

එම ඩොලර් 60 න් ඩොලර් 59 ක්ම රජයට හිමි වූ අතර සීයට එකක් මෙම සේවා සපයන ආයතනයට ලබා දීම සිදු කෙරුණා.

නමුත් මෙම වසරේ අප්‍රේල් මාසයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදු කළ එම ක්‍රියාවලිය VFS Global නම් ඩුබායි රාජ්‍ය පදනම් කරගත් පෞද්ගලික සමාගමකට හදිසියේ පවරා ඇති බව ඔහු සඳහන් කළා.

එම සමාගම විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කළ පසු මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වරියක්,ආගමන විගමන පාලක ජනරාල් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පස් දෙනෙකු ඇතුළත් කමිටුවක් පත් කර ඇති අතර එම කමිටු වාර්තාවෙහි පවා මෙම යෝජනාව මතු කර ඇති ආකාරය පිළිබඳ ගැටලු මතු කර ඇති බවයි ඔහු පවසන්නේ.

එම සමාගම තමන්ගේ නමින් නොවන වෙනත් ආකාරයකින් පසු කාලීනව කටයුතු කර ඇති අතර ඩොලර් 60 ට ලබා ගැනීමට තිබූ වීසා පහසුකම ඩොලර් 100 ක් කිරීමට අදාළ සමාගම කටයුතු කර තිබෙන බව ද ඔහු සඳහන් කළා.

මොබිටෙල් සමාගම ඩොලර් එකක් ලබා ගෙන සිදු කරන ක්‍රියාවලිය සඳහා VFS Global ඩොලර් 25 ක් අය කරන බව ඔහු පෙන්වා දී තිබෙනවා.

“අප්‍රේල් 17 ඉඳන් Online Visa එකට අනුමැතිය දෙනවා මේ සමාගමට. මැයි මාසෙ 01 වෙනිදා ඉඳන් On Arrival Visa එකට අවසරය දීලා තියෙනවා මේ සමාගමට රජය විසින්. කිසිදු ආකාරයක ආගමන විගමන නිලධාරීන් දැනුම්වත් කිරීමකින් තොරව. සාකච්ඡාවකින් තොරව තමයි මේ කටයුත්ත කරල තියෙන්නෙ. මේ ආකාරයට හදිසියේ කටයුතු කළේ ඇයි? මේක පිටුපස කුමන්ත්‍රණය කුමක්ද? මේක පිටුපස කොච්චර මුදලක් එහේ මෙහේ වුණාද? ඩොලර් එකට ඒ ක්‍රමවේදය කරන ක්‍රමවේදයක් තියෙද්දි ඩොලර් 25 ක් දීලා සමාගමක් හදිසියේ ගෙන්න ගත්තෙ ඇයි?

ආණ්ඩුව කියයි මේකට කැබිනට් අනුමැතිය ලැබුණ කියලා. ආණ්ඩුව ගොඩක් ඒවට අනුමැතිය ලබා ගෙන තියෙනවා. අපේ රටේ සිදු වුණ මහා පරිමාණ සෞඛ්‍ය ජාවාරම්වලටත් කැබිනට් එක අනුමැතිය කරලා තියෙන්නෙ. ඒ නිසා මේ ක්‍රියාවලිය සිද්ධ වුණු ආකාරයේ හදිසිය පිටුපස බරපතල සැක සහිත තත්ත්වයක් පවතිනවා. ඒ නිසා මහජන ආරක්ෂක අමාත්‍යවරයා, සංචාරක අමාත්‍යවරයා හා ජනාධිපතිවරයාගේ වගකීම තමයි මේ පිළිබඳ තොරතුරු රටට හෙළි කරන එක”

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!