හරීන් ඔයා ඔයාගෙ වැඩක් බලාගන්න.. – ටිරාන් අලස් හරීන් එක්කත් හැප්පෙයි

අමාත්‍යවරුන් තමාට අදාළ විෂය ක්ෂේත්‍රයේ පමණක් කටයුතු කරන්නේ නම් ගැටලු ඇති නොවන බව පවසමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් අද (06) පැවැත්වූ මාධ්‍ය හමුවකදී සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වෙත වක්‍රාකාරයෙන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

VFS ගණුදෙනුව පිළිබඳ සංචාරක අමාත්‍යාංශයේ සම්බන්ධයක් ඇති බවට එල්ල වූ චෝදනා සමඟ මහජන ආරක්ෂක අමාත්‍යවරයා රටෙහි නොමැති අවස්ථාවක හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා ඔහුගේ පැත්‍තෙන් අදහස් දැක්වීමක් සිදු කළා.

එමෙන්ම ඔහු නව වීසා ක්‍රමයට ඔහුගේ විරෝධතාවය ද මේ වන විට ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් අද (06) මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදී ඔහු හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය පිළිබඳ ඔහුගේ අකමැත්ත පළ කිරීමට කටයුතු කර තිබුණා.

එහි දී ඔහු කියා සිටියේ හරීන් ප්‍රනාන්දු ඔහුගේ විෂය ගැන පමණක් වගා බල ගත යුතු බවයි.

“මෙහෙමනේ අපි පැටලෙන්නන හොඳ නෑ. මං ගිහින් සංචාරක අමාත්‍යාංශයේ දේවල්වලට ප්‍රෙස් කන්ෆරන්ස් තියන්න ගියොත් මං වරද්ද ගන්නවා. තමන් කරන එක තමන් හරියට කෙරුවම ප්‍රශ්ණයක් නෑ” යැයි ඔහු පවසා සිටියා.

Latest News

More like this

කාසල් රෝහලේ දෙබිඩි දරු උපතක්

කාසල් වීදියේ කාන්තා රෝහලේ දෙබිඩි දරු උපතක් සිදුව ඇති...

NVQ3 මට්ටමේ ස්මාර්ට් වෙල්ඩර් පුහුණු පාඨමාලාවක්

වයස අවුරුදු 18 සම්පූර්ණවු සියලු තරුණ තරුණියන්ට අයදුම් කිරීමට...

එජාපය සහ සජබ එකතු වී වැඩ කළ යුතුයි – මහේෂ් සේනානායක (වීඩියෝ)

එජාපය සහ සජබ එකතු වී වැඩ කළ යුතුයි යන්න...

මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා විනිශ්චයන් දැඩි විවේචනයට !

පසුගියදා පැවැති මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2025 තරඟාවලියේදී ලබා...
error: Content is protected !!