ජනාධිපතිවරයාට යොමු කළ බව කියන හරීන්ගේ ඉල්ලා අස්වීමේ ලිපියක්

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා ජනාධිපතිවරයා වෙත යොමු කළ බවට පැවසෙන ලිපියක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන නමුත් එහි සත්‍යතාවක් නොමැති බව අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

ඒ ඔහුගේ X ගිණුම ඔස්සේ සටහනක් පළ කරමින්.

වීසා ගාස්තු වැඩි කිරීමේ තීරණය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තුළ එකඟ නොවීම තම අභිප්‍රාය වුවත් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවට වන ලිපියේ කිසිදු සත්‍යතාවක් නොමැති බවයි ඔහු ඒ ඔස්සේ සඳහන් කළේ.

එම ලිපියේ දැක්වෙන දිනය ද මාසයකට ඉහත දිනයක් බව ඔහු පවසා තිබෙනවා.

Latest News

More like this

ආරුගම්බේ උඩුකය නිරුවතින් ඇවිද්ද තායි කතට ලැබුණු දඬුවම

අම්පාර ආරුගම්බේ සංචාරක කලාපයේ උඩුකය නිරුවතින් ගමන් ගත් විදේශීය...

‘භාතිය’ නිදහස ලබයි

වෙඩි වැදීමක් හේතුවෙන් බරපතල අසාධ්‍ය තත්ත්වයෙන් දින ගණනාවක් ප්‍රතිකාර...

රජය ගව ශුක්‍රානු ආනයනය කිරීමට සැරසෙයි

උසස් තත්ත්වයෙන් යුතු ගවයන් 15,000ක් බිහි කර ගැනීමේ ව්‍යාපෘතියක්...

රජය අදානිට එරෙහිව නඩු මඟට යයිද?

මන්නාරම් මෙගාවොට් 484ක සුළං විදුලි බලාගාර සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘතියෙන්...
error: Content is protected !!