සජබ සිටින්නේ ජාතික ජන බලවේගයට වඩා පහළින් බව රාජපක්ෂවරු පළමුවරට පිළිගනී

රටේ දේශපාලන වාතාවරණය පිළිබඳ සලකා බැලීමේ දී සමගි ජන බලවේගය සිටින්නේ ජාතික ජන බලවේගයට වඩා පහළින් බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් ඊයේ (07)පැවැත්වු විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණවලට පිළිතුරු දෙමින්.

දේශපාලනික වශයෙන් පොදු ජන පෙරමුණේ තත්ත්වය ඉතා හොඳ බවත් ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවමත් අවසන් තීරණයකට පැමිණ නැති බව ඔහු මෙහිදී සඳහන් කළා.

කෙසේවෙතත් ඉදිරි ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය පිළිබඳ කළ විමසීමක දී එයට සිනහා වීම හැර වෙන පිළිතුරක් නොමැති බවද ඔහු පැවසුවා.

මේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පාර්ශවයෙන් ජාතික ජන බලවේගය සියලු පක්ෂ අභිබවා ඉදිරියෙන් සිටින බවට ප්‍රකාශ වූ පළමු අවස්ථාවයි.

Latest News

error: Content is protected !!