ඩයනාගේ ඊළඟ පියවර : මං තනියෙන් යන්නෙ නෑ.. ඔයාලත් ගෙදර තමයි

වෙනත් රටක පුරවැසියෙකු ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට නොහැකි බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට පියවර ගැනීම තුළ මෙරට දේශපාලන වාතාවරණය උණුසුම් වුණා.

ඒ අනුව ඊළඟට ඩයනාගේ පියවර කුමකින් කුමක් වනු ඇති ද යන්න මේවන විට දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රධාන මාතෘකාවක් වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් පළකරන විශ්ලේෂකයන් පවසන්නේ ඩයනා සමගි ජන බලවේගයේ උප ලේකම් තනතුර දැරීම හේතුවෙන් පක්ෂයේ සෙසු මන්ත්‍රීවරුන්ගෙ මන්ත්‍රී ධූර අහෝසි වීම කෙරෙහි ද අවධානමක් මතු කරන බවයි.

ඩයනා ගමගේ 2022.12.08 වැනි දින පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් සජබ මන්ත්‍රීවරුන්ට මෙසේ අනතුරු අඟවා තිබුණා.

“මගේ පුරවැසිභාවය ගැන හොයන කට්ටියට කියන්න ඕන මට මේ රටේ පුරවැසිකමක් නැත්නම් 54 දෙනෙක් ඉන්නව මෙතැන ඒ සියලු දෙනාටම මෙතැන ඉන්න බෑ වැඩි දවස් යන්න කලින් තියන බෝධි පූජා ටික තියාගන්න. මන්ත්‍රී ධූර ටික බලාගන්න. මම මෙතනින් අයින් වුණයි කියමුකො ඔය 53 ත් ගෙදර තමයි. ඔය 53 ටම වීසා දුන්නෙ මම. ඇයි මට වීසා එකක් තියාගන්න බැරි ද?”

Latest News

More like this

ආරුගම්බේ උඩුකය නිරුවතින් ඇවිද්ද තායි කතට ලැබුණු දඬුවම

අම්පාර ආරුගම්බේ සංචාරක කලාපයේ උඩුකය නිරුවතින් ගමන් ගත් විදේශීය...

‘භාතිය’ නිදහස ලබයි

වෙඩි වැදීමක් හේතුවෙන් බරපතල අසාධ්‍ය තත්ත්වයෙන් දින ගණනාවක් ප්‍රතිකාර...

රජය ගව ශුක්‍රානු ආනයනය කිරීමට සැරසෙයි

උසස් තත්ත්වයෙන් යුතු ගවයන් 15,000ක් බිහි කර ගැනීමේ ව්‍යාපෘතියක්...

රජය අදානිට එරෙහිව නඩු මඟට යයිද?

මන්නාරම් මෙගාවොට් 484ක සුළං විදුලි බලාගාර සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘතියෙන්...
error: Content is protected !!