රනිල්ගේ කැම්පේන් එක රහසේම UK කම්පැනියකට. සජබය දණ ගස්සන ආර්ථික පරිවර්තන පනතකුත් මඟ එයි

ජනපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයේ ඔහුගේ ප්‍රචාරණ ව්‍යාපාරය මේ වන විට එක්සත් රාජධානියේ ප්‍රචාරණ ආයතනයකට භාර දී ඇති බව පවසා තිබෙනවා.

එම ආයතනය මේ වන විටත් සමීක්ෂණයක් සිදු කර ඇති අතර එළැඹෙන ජනාධිපතිවරණයේ තීරණාත්මක සාධකය වන්නේ අනාගතයේ දී ආර්ථිකය සාර්ථකව මෙහෙයවීම කළ හැක්කේ කාට ද යන කාරණය බව අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව ජනපති රනිල්ගේ මැතිවරණ ව්‍යාපාරය ප්‍රධාන වශයෙන් ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීම ප්‍රධාන තුරුම්පුව වනු ඇති අතර එය අරමුණු කර ගනිමින් ආර්ථික පරිවර්තන පනතක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව ඔහු පවසා තිබෙනවා.

එක්සත් රාජධානිය පදනම් කරගත් ප්‍රචාරක ආයතනය බංකොලොත් රට නැවත ගොඩගැනීමේ අභියෝගය රනිල්ගේ ඡන්ද ව්‍යාපාරයේ ප්‍රධාන තේමාව කර ගත යුතු බවට යෝජනා කර ඇති බවයි පැවසෙන්නේ.

එම පනත ඉදිරිපත් කිරීමෙන් පසු සමගි ජන බලවේගයේ එක්සත් ජාතික පක්ෂයට එක් වීමට නියමිත බව කියන පිරිස ඔවුන් සමඟ එක් වනු ඇති බවයි ඔහු පවසා ඇත්තේ.

සජිත් ප්‍රේමදාස එම ආර්ථික ප්‍රතිපත්තිවලට විරුද්ධ වීමත් සමඟ ඔවුන් එළියට බසිනු ඇතැයි ඔහු පක්ෂයේ කළමනාකරණ කමිටුව හමුවේ පැවසූ බව වාර්තා වෙනවා.

ඔහු මෙම තොරතුරු අනාවරණය කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුව ඊයේ රැස් වූ අවස්ථාවේ දීයි.

Latest News

More like this

ඉංග්‍රීසි භාෂාව බැරිනම් රණසිංහ ප්‍රේමදාසගෙන් ඉගෙන ගන්න… සජිත් ක්‍රමය කියයි

ඉංග්‍රීසි භාෂාව හැදෑරීමට අපහසු අයට උසුළු විසිළු කිරීම වෙනුවට...

අධ්‍යාපනයට 6%ක් වෙන් කරනවා කියලා අපි කොතැනකවත් කියලා නැහැ – අග්‍රාමාත්‍ය හරිනි

වසර ගණනාවක් තුළ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන ලද වැඩිම...

ආදාහනයට ගෙන ආ මිනී පෙට්ටිය තුළ පණ පිටින් සිටි කතක්…

ආදාහනය සඳහා ගෙන ආ මිනී පෙට්ටියක් ඇතුළත පණපිටින් සිටි...

ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කළ රටවල් ලැයිස්තුවට එක් වුණු නවතම රට මෙන්න..

ළමයින්ගේ ආරක්ෂාව සඳහා දැඩි ලෙස සැලකිලිමත්වන රටවල් ලැයිස්තුවට එක්...