රුසියාවේ කුලී හමුදා ජාවාරම්කරුවන් යුධ හමුදා මූලස්ථානයේ විශ්‍රාමික නිලධාරීන්ගේ දත්ත පද්ධතියකට ඇතුළු වෙලා

රුසියානු හමුදාවේ රැකියා සඳහා නීතිවිරෝධී ලෙස ශ්‍රී ලාංකිකයන් යැවීම සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගත් විශ්‍රාමික මේජර් ජෙනරාල් යුධ හමුදා මූලස්ථානයේ විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ නම් ලැයිස්තුවක් වෙත ප්‍රවේශ වී ඇති බව විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයෙකු සහ සැරයන්වරයෙකු කුරුණෑගල ලේක් රවුන්ඩ් ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඊයේ(09) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ අනුව මෙම මෙහෙයුමට සම්බන්ධ විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයාගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පොලිසිය විසින් පුළුල් පරීක්ෂණ පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු විසින් යුද හමුදා මූලස්ථානයේ විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ නම් ලැයිස්තුවක් වෙත ප්‍රවේශ වී ඇති බව විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ ඉන් පසුවයි.

රුසියාවේ සහ යුක්‍රේනයේ කුලී හේවා කඳවුරුවලට හිටපු ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් ප්‍රවාහනය කිරීම සම්බන්ධව බලධාරීන් මේ වන විට අඛණ්ඩව විමර්ශන සිදු කරයි.

Latest News

error: Content is protected !!