රුසියාවේ කුලී හමුදා ජාවාරම්කරුවන් යුධ හමුදා මූලස්ථානයේ විශ්‍රාමික නිලධාරීන්ගේ දත්ත පද්ධතියකට ඇතුළු වෙලා

රුසියානු හමුදාවේ රැකියා සඳහා නීතිවිරෝධී ලෙස ශ්‍රී ලාංකිකයන් යැවීම සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගත් විශ්‍රාමික මේජර් ජෙනරාල් යුධ හමුදා මූලස්ථානයේ විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ නම් ලැයිස්තුවක් වෙත ප්‍රවේශ වී ඇති බව විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයෙකු සහ සැරයන්වරයෙකු කුරුණෑගල ලේක් රවුන්ඩ් ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඊයේ(09) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ අනුව මෙම මෙහෙයුමට සම්බන්ධ විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයාගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පොලිසිය විසින් පුළුල් පරීක්ෂණ පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු විසින් යුද හමුදා මූලස්ථානයේ විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ නම් ලැයිස්තුවක් වෙත ප්‍රවේශ වී ඇති බව විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ ඉන් පසුවයි.

රුසියාවේ සහ යුක්‍රේනයේ කුලී හේවා කඳවුරුවලට හිටපු ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් ප්‍රවාහනය කිරීම සම්බන්ධව බලධාරීන් මේ වන විට අඛණ්ඩව විමර්ශන සිදු කරයි.

Latest News

More like this

බුද්ධාගම පොතට ධර්ම චක්‍රය වෙනුවට අශෝක චක්‍රය දාලා.. විපක්ෂ නායක සජිත්

2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෙදුණු අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව...

ග්‍රීන්ලන්තය ආක්‍රමණය කළොත් ඩෙන්මාර්කයේ පළමු පියවර හෙළි කරයි

එක්සත් ජනපදය ග්‍රීන්ලන්තය ආක්‍රමණය කළහොත් සොල්දාදුවන් පළමුව වෙඩි තබා...

මහින්ද වගේ නීතිය වේවැලක් කරගන්න.. පැරණි මිතුරා විමල්ගෙන් ජනපති අනුරට පරිපාලන පාඩමක්

නියම නායකයින් නීතිය උණ ගහක් කර නොගන්නා බවත් හොඳින්...

අවුරුදු 5 කට විශ්‍රාම වැටුපක් ගෙවීම මේ ග්‍රහලෝකේ කිසිම තැනක සිද්ධ වෙන්නෙ නැහැ – රන්ජන් රාමනායක

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම පිළිබඳ සිය පූර්ණ...