සජිත්ට ටෙලිෆෝනය නැති කරනවා.. – අපේක්ෂකත්වයටත් ලොකු ප්‍රශ්ණයක් වෙයි – ඩයනා ගමගේගේ සැමියාගෙන් තර්ජනයක්

සමගි ජන බලවේගය තුළ සජිත්ගේ නායකත්වය පිළි නොගන්නා තත්ත්වයට පත් කළ හැකි බවත් ඉදිරි ජනාධිපතිවරණයට සමගි ජන බලවේගයේ ලකුණින් ඉදිරිපත් වීමට ඉඩ නොතබන බව ඩයනා ගමගේගේ සැමියා වන සේනක ද සිල්වා අද(10) කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්මින් පවසා තිබෙනවා.

අවශ්‍ය වෙලාවට එම තුරුම්පුව එළියට දාන බවත් ඩයනා ගමගේගෙන් පළිගැනීම වහාම නතර කරන්නැයි ඔහු මෙහි දී ප්‍රකාශ කළා.

“පක්ෂය මුලින්ම සකස් කළේ ‘මා’ කියලා. 2010 වෙද්දි ශ්‍රීපති සූරිය ආරච්චියි මංගල සමරවීරයි එනවා යූඇන්පී එකට. ඒ අවස්ථාවේ මම පක්ෂ සභාපති හැටියට භාර ගන්නවා. මගෙන් පස්සෙ මම ස්ටෙප් ඩවුන් වෙලා මගේ පක්ෂයේ නායකයා බවට සජිත් ප්‍රේමදාස පත් කරගත්තා. ලේකම් හැටියට හිටියේ ඩයනා ගමගේ ඇය ස්ටෙප්ඩවුන් වී මද්දුම බණ්ඩාරට දුන්නා. ඒ දෙන්නේ මේ පක්ෂය ඉස්සරහට අරන් රට ජාතිය ජනතාව වෙනුවෙන් වැඩ කරන්න.”

සජිත් ප්‍රේමදාස මහතා පක්ෂයේ දරන තනතුරෙන් ඉවත් කිරීමට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ද මේ වන විට ගෙන ඇතැයි ඔහු පැවසුවා.

Latest News

More like this

ඊශ්‍රයාල ඝාතන කුමන්ත්‍රණයකින් ඉරාන ජනාධිපතිවරයා තුවාල ලබයි

ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් ජුනි 16 වන දින ඊශ්‍රායල...

ට්‍රම්ප්ගේ තීරු බදු තර්ජනයට ප්‍රංශය, ජර්මනිය ඇතුළු යුරෝපා රටවල්වල ප්‍රතිචාරය

එක්සත් ජනපදයේ ට්‍රම්ප් පරිපාලනය විසින් අගෝස්තු 01 වනදා සිට...

චීනය රහසේ ඔත්තු බැලීම් සඳහා මී මැස්සන්ගේ මොළය හැසිරවිය හැකි ගැජට් එකක් සොයාගනී

මී මැස්සන්ගේ මොළයට පාලක ඇතුළු කර ඔවුන් පියාසර කළ...

ඉන්දීය බිහිසුණු ගුවන් අනතුරට හේතුව අනාවරණය වේ…

පසුගිය ජුනි මාසයේ ඉන්දියාවේ අහ්මදාබාද් හි දී පුද්ගලයින් 260...
error: Content is protected !!