රාජපක්ෂ පවුල ගලවා ගන්නා මහ මැතිවරණයකට කලින් ගියොත් රටට වෙන මහා විපතක් ගැන අනතුරු ඇඟවීමක්

පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය තබන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැඩි බලපෑමක් එල්ල කර සිටිය ද එවැනි තීරණයක් ගතහොත් නැවතත් ආර්ථික අර්බුදයක් කරා යාමට ඉඩ ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

රාජපක්ෂ පවුල ගලවා ගැනීම සඳහා මහ මැතිවරණයක් පැවැත්වීමට ජනාධිපතිවරයා කටයුතු කළහොත් ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය අඩපණ විය හැකි බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

“බැසිල් රාජපක්ෂ මහත්තයට ඕන කරලා තියෙනවා පාර්ලිමේන්තුවේ බහුතරයක් එනවා කියලා පාර්ලිමේන්තුව විසුරවන්න ඕන කියලා. පාර්ලිමේන්තුවේ බහුතර යෝජනාවකින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා නම් අපේ කිසිම විරුද්ධත්වයක් නෑ. නමුත් ජනාධිපතිවරයාගේ මතයට පාර්ලිමේන්තුව විසුරුවාහරිනවා නම් වැරදියි.

ජනාධිපතිවරයා බලයට ආවේ මං ආර්ථිකය හදනවා කියලා. ඒ ඩොලර් ණය ප්‍රතිව්‍යුහගත කිරීම ජුලි මාසයට පෙර කළ යුතු වෙනවා. ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වගේ ආයතනවලින් අපට ලැබෙන්න තියෙන ණය වාරික ගැට ගැහිලා තියෙනවා යම් තාක් දුරකට මේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය එක්ක. ඒ නිසා ජනාධිපතිවරයාගේ පළමු කාර්යය වෙන්න ඕන රාජපක්ෂ පවුල ගලවා ගැනීම සඳහා වන මැතිවරණයක් තියන එකනෙවෙයි ජුලි මාසය අවසන් වීමට පෙර රට ස්ථාවර කරන එක එතුමා අපට කිව්ව විදියටම”

Latest News

More like this

ඉංග්‍රීසි භාෂාව බැරිනම් රණසිංහ ප්‍රේමදාසගෙන් ඉගෙන ගන්න… සජිත් ක්‍රමය කියයි

ඉංග්‍රීසි භාෂාව හැදෑරීමට අපහසු අයට උසුළු විසිළු කිරීම වෙනුවට...

අධ්‍යාපනයට 6%ක් වෙන් කරනවා කියලා අපි කොතැනකවත් කියලා නැහැ – අග්‍රාමාත්‍ය හරිනි

වසර ගණනාවක් තුළ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන ලද වැඩිම...

ආදාහනයට ගෙන ආ මිනී පෙට්ටිය තුළ පණ පිටින් සිටි කතක්…

ආදාහනය සඳහා ගෙන ආ මිනී පෙට්ටියක් ඇතුළත පණපිටින් සිටි...

ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කළ රටවල් ලැයිස්තුවට එක් වුණු නවතම රට මෙන්න..

ළමයින්ගේ ආරක්ෂාව සඳහා දැඩි ලෙස සැලකිලිමත්වන රටවල් ලැයිස්තුවට එක්...