ධම්මික හා ජනපති අතර විරසකය ඉවරයි

ව්‍යාපාරික ධම්මික පෙරේරා සහ ජනපති රනිල් වික්‍රමසිංහ අතර පැවති විරසකය නැති කිරීමට බැසිල් රාජපක්ෂ මැදිහත් වී ඇති බව එම පක්ෂයේ ආර්ංචිමාර්ග පවසනවා.

ඒ අනුව ඊයේ (10) නෙළුම් කුළුණෙහි පැවති ඒ මහතාගේ නව ව්‍යාපෘතියක් සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් ද ජජනාධිපතිවරයා සහභාගී වී ඇති බව වාර්තා වෙනවා.

එම සම්බන්ධීකරණය කර ඇත්තෙ සාගල රත්නායක විසින් බවයි පැවසෙන්නේ.

ව්‍යාපාරික ධම්මික පෙරේරා හා වික්‍රමසිංහ මහතා අතර කලක පටන් විරසකයක් පවතින බව දේශපාලන ලෝකයේ ප්‍රකට කරුණක්.

එමෙන්ම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන ආණ්ඩුව සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙසට බැසිල් රාජපක්ෂ විසින් පොදු ජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින් වෙත පණිවුඩයක් යවා ඇති බව වැඩිදුරටත් වාර්තා වී තිබෙනවා.

Latest News

More like this

දිලිත්ගේ නිවසේ අද රාත්‍රී සර්ව විපාක්ෂික සාදයක් !

සර්ව ජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරගේ...

මුහුණේ කැළැල් මකන්න ආ තරුණියට පේරාදෙණිය වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකදී අතවර !

මුහුණේ ලප කැළැල් සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණි තරුණියකට අතවර...

තුසිත හල්ඔලුවට වරෙන්තු

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව වහාම...

රනිල් – නාමල් මල් පාරේ හදිසි සාකච්ඡාවක !

ආණ්ඩුවට එරෙහිව 21 වෙනදා පැවැත්වීමට නියමිත නුගේගොඩ රැලිය සම්බන්ධයෙන්...