කොරියාවේ අඩු උපත් අනුපාතිකය වැඩි කරන්න අමාත්‍යාංශයක්

රටේ පහත වැටෙන උපත් අනුපාතිකය “ජාතික හදිසි අවස්ථාවක්” ලෙස සලකා එම තත්ත්වයට විසඳුම් සෙවීම සඳහා අමාත්‍යාංශයක් පිහිටුවන බව දකුණු කොරියාවේ ජනාධිපති යූන් සුක් යොල් නිවේදනය කර තිබෙනවා.

දකුණු කොරියාවේ ජනගහණ අනුපාතිකයට මෙමඟින් දැඩි ලෙස පහර වැදී ඇති අතර 2023 දී එය විශාල ලෙස පහත වැටී ඇතැයි පැවසෙනවා.

ඔවුන්ගේ වෘත්තීය ජීවිතය සහ දරුවන් ඇති දැඩි කිරීමේ මූල්‍ය පිරිවැය ගැන සැලකිලිමත් වන කාන්තාවන් දරු ප්‍රසූතිය ප්‍රමාද කිරීම හෝ දරුවන් නොලැබ සිටීමට තීරණය කිරීම මෙම තත්ත්වයට හේතුවයි.

මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පැවසුවේ “අඩු උපත් අනුපාත ප්‍රති-සැලසුම් කිරීමේ අමාත්‍යාංශය” පිහිටුවීම සඳහා දකුණු කොරියානු පාර්ලිමේන්තුවේ සහයෝගය ඉල්ලා සිටින බවයි.

රටේ ජන විකාශන අර්බුදයට සාධක ගණනාවක් මත දෝෂාරෝපණය ඇති කර තිබෙනවා.

නමුත් බොහෝ දුරට කොරියානු නව විවාහක තරුණ තරුණියන් කෙරෙහි ජීවන වියදම ඉහළ යාම සහ ජීවන තත්ත්වය පිරිහීම පිළිබඳ ඇතිව ඇති දැඩි කලකිරීම ද මෙම තත්ත්වයට ඉමහත් බලපෑමක් කර ඇති බව සඳහන්.

Latest News

More like this

බැසිල් සහ අර්ජුන මහේන්ද්‍රන් ‘ටාගට්’ කරගෙන ලොකු ගේමක් පටන් අරන්!

ආණ්ඩුව මේ වනවිට ඉතා රහසිගත අයුරින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ...

තියුණු ආයුධයකින් පහරදී දැරියක් ඝාතනය කරලා !

ගම්පොල පොලිස් වසමේ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ නිවසක සිටි දැරියකට...

ළමා අපයෝජන ගැබ් ගැනීම් ඉහළට

ළමා ලිංගික අපයෝජන සහ ළමා ගැබ් ගැනීම් ඉහළ අගයක්...

ඇමෙරිකාවට ශාප වූ ශතයේ කාසිය !

ඇමෙරිකාව තුළ වසර 238 ක කාලයක් සංසරණය වූ කාසියක්...