ජයභූමි, ස්වර්ණ භූමි, උරුමය වෙනුවට ඉඩම් ලබා දීමට විද්‍යාත්මක සැලසුමක් – අනුර කුමාර මිනින්දෝරුවන් අමතා කියයි

ලෝකයේ ඕනෑම රටකට ස්වභාවික සම්පත් අතර වැඩියෙන්ම වටිනා සම්පතවන ඉඩම් විද්‍යාත්මකව පරිහරණය කිරීම පිළිබඳ ජාතික සැලසුමක් නිර්මාණය කිරීම ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක ප්‍රධානතම කර්තව්‍යක් වනු ඇති බව නායක අනුර කුමාර දිසානායක මහතා පවසා තිබෙනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (11)පැවැත්වුණු මිනින්දෝරුවන්ගේ ජාතික සමුළුව අමතමිනි.

රටක ඉඩම් පර්චස් අක්කර ඇතුළත් මතුපිට ප්‍රමාණයෙන් පමණක් නොව පොළොවේ සංයුතිය පිළිබඳ දත්ත පවා ඇතුළත් වන ආකාරයෙන් නිර්මාණය කළ යුතු බවයි ඔහු සඳහන් කළේ.

එවැනි ශක්තිමත් සැලසුමක් නොමැතිව රටේ සංවර්ධන උපාය මාර්ග ක්‍රියාත්මක කළ නොහැකි බව නායක අනුර කුමාර දිසානායක මෙහි දී පැවසුවා.

එමෙන්ම නිසි පරිදි මැණුමක් නොමැතිව සිදු කරන සින්නක්කර ඔප්පු ලබා දීමේ උරුමය වැනි වැඩසටහන් හි අවසානය කොතනින් සිදුවේද යන්න ගැටලුවක් බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

“ජාතික ජන බලවේගයේ යම් දෙගිඩියාවක් පවතී නම් ඔබගේ මේ පැමිණීම ඒ දෙගිඩියාව නැති කළා. මේ සභාව සැලකිය යුතු ලෙස මට සමීපයි. එකක් මම අමාත්‍යවරයෙක් ලෙස වැඩ කරනකොට මා සමඟ සමීපව සිටි පිරිසක් මෙතැන ඉන්නවා. විශ්ව විද්‍යාලයේ දී අපි සමඟ ඉගෙනගත්තු සොයුරන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. මගේ බෝඩිමේ එකට හිටිය මිතුරාත් ඉන්නවා.

මගේ අප්පච්චි මිනින්දෝරු කම්කරුවෙක්. අප්පච්චි වැඩ කළේ කන්දසාමි කියන මිනින්දෝරු මහත්තය යටතේ. ඒ වගේම මං හිතනවා මේ ක්ෂේත්‍රය ඕනම රටක සංවර්ධනයේ පාදම. ඒ නිසා තමයි ඉංග්‍රීසි මේ රට මුලුමනින්ම අත්පත් කරගන්නත් කලින් මේ දෙපාර්තමේන්තුව පිහිටුවීමට හේතුව. ඒ විතරක් නෙවෙයි. ඉඩම කියන්නෙ අපට ජීවිතය. සමහර රටවල ඉඩම දේපළක් විතරයි.

අපට ඉඩම දේපළක් විතරක් නෙවෙයි ඉඩම අපට ඥාතීත්වයක්. ඒක නිසා තමයි මඟුල් මුද්ද බැංකුවට සින්න වුණත් ඉඩමක් විකුණන්න පෙළඹෙන්න නැහැ. ඒක අවසානයට තෝරාගන්න දේ බවට පත් වෙල තියෙනවා. ඉඩමයි අපියි අතර තියෙනව ඥාතීත්වයක්.

ඉඩම් පිළිබඳ ප්‍රශ්ණෙ විශාල වියවුලක් තියෙනවා. ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ දීමනා බලපත්‍රයක් දෙනවා. එක බලපත්‍රයයි ෆයිල් එක ඇතුළේ. නම් ගොඩයි. එක කාලයක් ෆයිල් එකක් දුන්නා ස්වරණභූමි කියලා. ජයරත්න මහත්තයාගෙ කාලෙ දුන්න ජය භූමි කියලා. රාජිත සේනාරත්නගෙ කාලෙ දුන්නා රත්න භූමි කියලා. මං දන්නෙ නෑ උරුමය කොතනින් කෙළවර වෙයි ද කියලා”

Latest News

More like this

සෞඛ්‍ය කෝටි 3923ක් නීතිවිරෝධීව ඕටී ගෙවලා

සෞඛ්‍ය අමාත්‍යාංශය රෝහල් හා ආයතන සඳහා රුපියල් කෝටි තුනකට...

ලෝක බල අරගලය, මෙරට බල හුවමාරුවකට හේතු විය හැකියි.. හිටපු ජනපති රනිල්

ලෝක බල අරගලයක් දෙසට ගමන් කරමින් සිටින පසුබිමක මෙරට...

විද්‍යුත් පාස්පෝට් සිද්ධිය : අධිකරණයට අපහාස කළ බව ඉලූ‍ක්පිටිය පිළිගනී

විද්‍යුත් විසා ලබාදීමේ සේවය විදේශ සමාගම් දෙකකට ලබාදීමට ගෙන...

අධිවේගයේ බස් රථවල මගීන්ට ආසන බඳ පටි පැළඳීම අනිවාර්ය කෙරේ

එළැඹෙන සැප්තැම්බර් මාසයේ මුල සිට අධිවේගී මාර්ගවල ධාවනය වන...
error: Content is protected !!