ද්විත්ව පුරවැසිභාවය හිමි තවත් මන්ත්‍රීවරුන් 10 දෙනෙකුට වැඩි පිරිසක් පාර්ලිමේන්තුවේ

ද්විත්ව පුරවැසිභාවය හිමි මන්ත්‍රීවරුන් 10 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් දැනට පාර්ලිමේන්තුවේ සිටින බවත් මැතිවරණයට පෙර එම මන්ත්‍රීවරුන් ඉවත් කළ යුතු බවත් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ ප්‍රකාශ කර තිබෙනවා.

“ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව, තම පක්ෂ තුළ ද්විත්ව පුරවැසි භාවයන් ඇති සාමාජිකයන් සිටී නම් හෙළි කරන ලෙස සියලුම පක්ෂ නායකයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින බව,” උන්වහන්සේ සඳහන් කරනවා.

ද්විත්ව පුරවැසිභාවය හිමි මන්ත්‍රීවරුන් ඉදිරි මැතිවරණයට පෙර ඉල්ලා අස්විය යුතුයි. එසේ නොමැති නම් එහි වගකීම අදාළ පක්ෂ නායකයින් විසින් දැරිය යුතු බව උන්වහන්සේ පවසනවා.

එම පුද්ගලයින්ගේ අනන්‍යතාවය හෙළි කිරීමට හැකියාව ඇති අතර ඉදිරි මැතිවරණයට පෙර එය ඔවුන්ටම හෙළි දරව් කිරීමට අවස්ථාව දිය යුතු බවයි උන්වහන්සේගෙ මතය වන්නේ.

කෙසේවෙතත් ඔවුන් ඉදිරිපත් නොවන්නේ නම් ඔවුන්ට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සිදු කරන බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Latest News

More like this

රටට වුණු හානිය ලෝකෙට පෙන්නන වීඩියෝ පටයක් හදාගන්න තාම ආණ්ඩුවට බැරි වුණා – මරික්කාර්

දිට්වා සුළි කුනාටුවෙන් සිදු වුණු හානිය තක්සේරු කිරීමට රජය...

නියත වශයෙන්ම ලිට්‍රෝ ගෑස් හිඟයක් එනවා..

එළඹෙන අප්‍රේල් මස වන විට රට තුළ ගෑස් හිඟයක්...

කාලගුණ දෙපාර්තමේන්තු නිලධාරීන් කාර්යාල අඩස්සියේ

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ වන විට ආණ්ඩුවේ බලපෑමට...

ඖෂධ ආනයනයට රජය හෝ අමාත්‍යවරයා මැදිහත් වෙන්නේ නැහැ.. ඉස්සරත් එහෙමයි දැනුත් එහෙමයි..

ඖෂධ ආනයනය කිරීම කිසිදු විටකදී අමාත්‍යවරයෙකු හෝ රජයක් මත...