මිස්ටර් ක්ලීන් මැතිවරණ කොමිසමටත් කොළේ වහලා ගහපු ගේම් එක.. – මාළිමාව මානව හිමිකම් යයි

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ වචන නීති බවට පත් වූ ආකාරයෙන්ම වත්මන් ජනපති රනිල් වික්‍රමසිංගගේ වචන ද නීති බවට පත්ව ඇතැයි ජාතික ජන බලවේගයේ නීතිඥ සුනිල් වටගල මහතා පෙන්වා දෙනවා.

ඔහු මේ බව පැවසුවේ පළාත් පාලන බල ප්‍රදේශ සඳහා ජනාධිපතිවරයා විසින් ප්‍රජා උපදේශන කමිටු නමින් පුද්ගලයන් පත්කිරීමට එරෙහිව ජාතික ජන බලවේගය විසින් ඊයේ දිනයේ (13) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කරමින්.

“ආණ්ඩුව තීරණයක් අරන් තියෙනවා හාල් බෙදන්න. ආණ්ඩුව තීරණයක් අරන් තියෙනවා ඔප්පු බෙදන්න. ආණ්ඩුව තීරණයක් අරන් තියෙනවා සහනාධාර බෙදන්න. ආණ්ඩුව තීරණයක් අරන් තියෙනවා රු මිලියන 10 ගාණේ එක කොට්ඨාශයකට සංවර්ධන වැඩ කටයුතු සඳහා සල්ලි දෙන්න. මේවා කරන්නෙ රාජ්‍ය නිලධාරීන් මැදිහත් වෙලා. දැන් ඕන වෙලා තියෙනව පොහොට්ටුවේ දේශපාලනඥයන්ට එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනඥයන්ට යම් ක්‍රමවේදයක්. අන්න ඒ ක්‍රමවේද තමයි රනිල් වික්‍රමසිංහ උපදේශන කමිටුවක් මාර්ගයෙන් නිර්මාණය කරල තියෙන්නෙ.”

ජාතික ජන බලවේගයේ නීතිඥ සුනිල් වටගල, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආච්චි සහ හිටපු නාගරික මන්ත්‍රී අසිත නිරෝෂණ ඊට එක්ව තිබුණා.

Latest News

More like this

උසස් පෙළ ආර්ථික විද්‍යා ප‍්‍රශ්න පත‍්‍ර දෙකම නුගේගොඩ ‘සක්යා’ එකෙන් ලීක් වෙලා…

මෙවර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යා ප‍්‍රශ්න පත‍්‍රය නුගේගොඩ...

ඇස් අන්ධ වුණේ කෙහෙළියගේ බෙහෙතෙන් නෙවෙයි… සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු...

මාධ්‍යවේදීන් CID ගෙන්වීම නින්දිත ක්‍රියාවක් – විපක්ෂ නායක සජිත්

තමන් පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශ කළ සත්‍ය ප්‍රකාශයක් හේතුවෙන් මාධ්‍යවේදීන්...

බලංගොඩ කස්සප හිමිට වරෙන්තු…

පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට ලබන දෙසැම්බර් 10 දිනට පෙර...