පලස්තීනයේ ජන සංහාරය වහාම නතර කරන ලෙසට සජිත්ගෙන් ඉල්ලීමක්

ඊශ්‍රායලය සමඟ පවතින ගැටුම්වලින් පීඩාවට පත් පලස්තීනුවන්ට සහයෝගීතාව පළ කරමින් ඊයේ (13) කොළඹදී පැවැත්වු විරෝධතාවකට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්ව සිටියා.

පලස්‍තීනයට එරෙහි ජන සංහාරය වහාම නතර කරන ලෙස ඉල්ලා කළ (#Genocide in #Gaza) කළ විරෝධතාව ශ්‍රී ලංකාවේ නිදහස් පලස්තීනයේ මිතුරන් විසින් සංවිධානය කරනු ලැබූවක්

ඒ සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජිබර් රහුමාන් සහ එස්.එම්. මරික්කාර් සහ සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ (ACMC) නායක රිෂාඩ් බදියුදීන් නිදහස් පලස්තීනයක් ඉල්ලා විරෝධතාවයට එක්ව සිටියා

කොල්ලුපිටියේ පැවති විරෝධතාවයට කුඩා ළමුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටිනු දක්නට ලැබුණා.

Latest News

More like this

ආධාර හරියට බෙදනවාදැයි නිරීක්ෂණයට සජිත්ගෙන් ආපදා තොරතුරු කේන්ද්‍රයක්

දිට්වා සුළි කුණාටුව නිසා අපදාවට පත් ජනතාව සම්බන්ධයෙන් තොරතුරු...

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...