කුසල් ජනිත් පෙරේරා T20 ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කළේ ඇයි? මතීෂ සහ වනිඳුගේ ආබාධ ගැනත් තේරීම් කමිටුව පිළිතුරු දෙයි

2024 ICC පිරිමි T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් තේරීමේදී කිසිදු ආකාරයේ අනුග්‍රහයක් දැක්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග ඊයේ (13) පැවති මාධ්‍ය හමුවක දී ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

එහි දී ඔහු පැවසුවේ ලෝක කුසලානයේදී ඕනෑම කණ්ඩායමකට අභියෝග කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ තත්ත්වයක සිටින බවයි.

ලෝක කුසලාන T20 සංචිතය සම්බන්ධයෙන් මතුව ඇති විවිධ ගැටලු විසඳීම සඳහා පැවති මාධ්‍ය හමුවකදී තරංග පැවසුවේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා, යෝග්‍යතාවය සහ විනය හැර තේරීම් ක්‍රියාවලියේදී වෙනත් කිසිදු සාධකයක් හෝ කමිටු සාමාජිකයන්ගේ කැමැත්‍ත වැනි දේ සලකා නොබැලූ බවයි.

ලෝක කුසලානය සඳහා නම් කර ඇති 15 දෙනෙකුගෙන් යුත් සංචිතය සමබර සහ බලවත් බව ඔහු පැවසුවා.

නායක වනිඳු හසරංග සහ වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණගේ ආබාධ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් තරංග පැවසුවේ ක්‍රීඩකයන් දෙදෙනාම තරගාවලිය සඳහා සුදුසු මට්ටමේ සිටින බවයි.

දුනිත් වෙල්ලාලගේ සංචිතයට ඇතුළත් කිරීම ගැන ප්‍රශ්න කළ විට, තරංග ඔහුගේ තුන් ඉරියව් දස්කම් සහ එක්සත් ජනපදයේ වැනි තත්වයන් යටතේ කණ්ඩායමට ඇති විය හැකි වාසිය ඉස්මතු කර සිටියා.

දුනිත් වමත් දඟපන්දු යවන්නෙක් නිසා අපිට ඔහුව පවර් ප්ලේ වලදී පවා යොදා ගන්න පුළුවන් යැයි ඔහු පැවසුවා.

15 දෙනෙකුගෙන් යුත් සංචිතයට ධනංජය ද සිල්වා සහ සංචාරක සංචිත ලෙස භානුක රාජපක්ෂ තෝරා ගැනීම සම්බන්ධයෙන්, තරංග පැහැදිලි කළේ එය සියලු තේරීම් කමිටු, පුහුණුකරුවන් සහ නායකයා සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කර ගත් තීරණයක් බවයි.

“ධනංජය හොඳ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්, ඒ නිසා අපි භානුකට වඩා ඔහුව ඇතුළත් කිරීමට තීරණය කළා,”

කුසල් ජනිත් පෙරේරා සංචිතයට නොපැමිණීම පිළිබඳව කළ විමසීම්වලට පිළිතුරු දුන් ප්‍රධාන තේරීම්කරු ඔහුගේ දක්ෂතා තිබියදීත් මෑතකාලීන දස්කම් සඳහන් කරමින් කණගාටුව ප්‍රකාශ කළා.

කුසල් සහ භානුක සංචිතයට ඇතුළත් කර නොතිබුණද කුසල් මෙන්ඩිස්, පැතුම් නිශ්ශංක, චරිත් අසලංක, දසුන් ශානක වැනි ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමේ ප්‍රබල පිතිකරණ පෙළගැස්ම ඔහු මෙහි දී අවධාරණය කළා.

මතීෂ පතිරණගේ ආබාධය සම්බන්ධයෙන් තරංග පැවසුවේ වෛද්‍ය වාර්තා අනුව පතිරණට සමස්ත තරගාවලියටම සහභාගි විය හැකි බවයි.

සංචිතයට ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී තේරීම් කමිටුව විනය නොසලකා හැරියේ දැයි විමසූ විට තරංග එම චෝදනාව ද ප්‍රතික්ෂේප කළ අතර විනය තීරණාත්මක සාධකයක් බවයි සඳහන් කළේ.

“අපි ක්‍රීඩකයන්ගේ විනය සලකන්නේ ඔවුන් අපේ රට නියෝජනය කරන නිසාත්, ඕනෑම විෂමාචාරයක් කණ්ඩායමට පමණක් නොව අපේ රටේ කීර්තිනාමයටත් බලපාන නිසා,”

2024 ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතයි.

Latest News

More like this

කෝලිලාගේ IPL ජයග්‍රහණ සැමරුම අතරතුර 11 දෙනෙකුට දිවි අහිමි වේ

ඉන්දීය ප්‍රිමිය ලීග් ශූරතාව දිනාගත් රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ...

18 වතාවක් උත්සහ කර IPL ජයග්‍රහණය කළ ‘කිං කෝලි’

සමාජ මාධ්‍ය ඔස්සේ මිලියන 300කට අධික අනුගාමිකයන් පිරිසක් විසින්...

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ලෙස ෂම්මි සිල්වා නැවත තේරී පත්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 64 වන වාර්ෂික මහා සභා...

‘කෝලි’ දෙයියන්ගේ දෙපා නමස්කාර කර දවසක් හිරේට ගිය පකීරා

රිතුපාන්රෝ පකීරා (Rituparno Pakhira) යනු පසුගිය සෙනසුරාදා ඉන්දීය ප්‍රිමියලීග්...
error: Content is protected !!