LTTE යළිත් සක්‍රීයයි – ඊළාම් අතහැර නෑ. ඉන්දියාව තහනම දීර්ඝ කරයි. ලංකාවටත් අනතුරු ඇගවීමක්

ජනතාව අතර බෙදුම්වාදී ප්‍රවණතාවක් අඛණ්ඩව පෝෂණය කරමින් සහ ඉන්දියාවේ, විශේෂයෙන්ම තමිල්නාඩුවේ ඒ සඳහා ආධාර පදනම වැඩි දියුණු කර ගනිමින් සිටින LTTE සංවිධානයට පනවා තිබූ තහනම තවත් වසර පහකින් දීර්ඝ කිරීමට ඉන්දියාව කටයුතු කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටියේ LTTE සංවිධානය තවමත් රටේ ඒකාග්‍රතාවයට සහ ආරක්ෂාවට අගතියක් වන ක්‍රියාකාරකම්වල නිරත වන බව මධ්‍යම රජයේ මතය බවයි.

2009 මැයි මාසයේදී ශ්‍රී ලංකාවේදී ලැබූ සිය හමුදාමය පරාජයෙන් පසුවත්, එල්ටීටීඊය ‘ඊළාම්’ (දෙමළ ජනයාට ස්වාධීන රටක්) යන සංකල්පය අත් හැර නොමැති බවත්, අරමුදල් රැස්කිරීමෙන් සහ ‘ඊළාම්’ අරමුණ වෙනුවෙන් රහසිගතව කටයුතු කරමින් සිටින බවත් එම නිවේදනයේ දැක්වෙනවා.

ප්‍රචාරක ක්‍රියාකාරකම් සහ ඉතිරිව සිටින LTTE නායකයින් හෝ සාමාජිකයන් විසිරී සිටින ක්‍රියාකාරීන් යළි එක්රැස් කර දේශීයව හා ජාත්‍යන්තරව එම සංවිධානය යළි පණ ගැන්වීමේ උත්සාහයන් ද ආරම්භ කර ඇති බව එහි වැඩි දුරටත් සඳහන්.

Latest News

More like this

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා… අගමැතිනි හරිනි

ජාතික ජන බලවේගයේ 'ලස්සන රටක් පොහොසත් ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්...