ඉරාජ්ගේ නිෂ්පාදනයක් – සුදත්තගේ අධ්‍යක්ෂණක් – ස්වරණවාහිනිය ඔස්සේ නොමිලේ විකාශය කෙරේ

ඉරාජ් වීරරත්නට මුහුණට මුහුණ සටනක් සඳහා අභියෝග කළ සුදත්ත තිලකසිරි ඉරාජ් වෙත බණ දේශනාවක් කර ඇති ආකාරය ඔහුගේ යූ ටියුබ් ඔස්සේ මේ වන විට දැක ගත හැකියි.

ඉරාජ්ට කියන අවසාන බණ බව පවසන එම වීඩියෝවෙ මෑතකදී ඔවුන් හමුවූ ස්ථානයක වීඩියෝවක් ද පළ කර තිබෙනවා.

එය ගැටුමක් නොව ඉරාජ්ගෙ නිෂ්පාදනයෙන් සුදත්තගේ අධ්‍යක්ෂණයෙන් ස්වර්ණවාහිනිය නොමිලේ විකාශය කළ ටෙලි නාට්‍යයකි.

කෙසේවෙතත් මෙවැනි නාට්‍ය ජවනිකා ඔස්සේ ජන ජීවිතයට බරපතල සමාජ දේශපාලනික ප්‍රශ්ණ අමතක වී යයි.

එබැවින් ඉරාජ්, සුදත්ත සහ ස්වර්ණවාහිනිය එක් වී මේ කරන්නේ කාගේ හෝ ප්‍රශ්ණ අමතක කරවීමේ ව්‍යාපෘතියක් විය හැකියි.

මේ සියලු දෙනාගේ ඉතිහාසය හොඳින් පත අට එකට සිඳවා ගත් විට එහෙම දේවල් නොවෙන්නට බැරි රටක් නම් නෙවෙයි මේ.

සුදත්ත ඉරාජ් වෙත කරන ලද දේශනාව:

“ඉරාජ් මල්ලි ඔයාට ආදරෙන් කියන්නෙ, ඉරාජ් කියන්නෙ හොඳ music composer කෙනෙක්. අපේ රටේ විතරක් නෙවෙයි බංගලාදේශය ඉන්දියාව වගේ ජ්‍යාත්‍යන්තයේ වැඩ කරනවා. ජ්‍යාත්‍යන්තරයේ වැඩ කරමින් තමන්ගේ කුසලතාව එහෙම නැත්නම් ටැනලන්‍ට් එක භාවිත කරමින් මේ ගමන යනව නම් ඒවා හරහා යන්න පුළුවන් එකේ කසඩ දේශපාලුවො පස්සෙ යන්න එපා. අපිත් ඒවගෙ හිටියා. නමුත් අපට තේරුණානෙ ඒව ගොන් පාර්ට් කියලා. ඒකෙන් වෙන්නෙ ඔයාට සමාජෙන් එන විරෝධෙ තව තව වැඩි වෙනව. මටත් පුළුවන් ඔයාට ගහගෙන ගහගෙන යන්න. තේරුමක් නෑ. ජීවත් වෙන කලාව අඳුරගන්න ඕන.”

Latest News

error: Content is protected !!