සජබයට වාසි මාළිමාවට අවාසි සමීක්ෂණ වාර්තාව සහමුලින්ම අසත්‍ය එකක් – UNHCR

එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයට අනුබද්ධ(UNHCR) මෙරට කාර්යාලය මගින් සිදුකළ බව කියන ඉදිරි මැතිවරණය පිළිබඳ සමීක්ෂණයක වාර්තාව සහමුලින්ම අසත්‍ය වාර්තාවක් බව එම සංවිධානය අවධාරණය කර තිබෙනවා.

ඊයේ(14) සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වුණු එම වාර්තාව ජාතික ජන බලවේගයට ඉතාමත් අවාසි සහගත ලෙස සහ සජබට ඉතාමත් වාසි සහගත ලෙස සකසා ඇති බවයි දක්නට ලැබුණේ.

එම වාර්තාව පිළිබඳ ඇතැම් දේශපාලන නිරීක්ෂකයන්, සමාජ ක්‍රියාකාරිකයින් සහ දේශපාලන විචාරකයින් කියාගන්නා අය පවා යම් යම් තත්වයන් යටතේ එහි සංඛ්‍යා පිළිබඳව විශ්වාසයෙන් සහ අර්ධ විශ්වාසයෙන් යුතුව සිය සමාජ මාධ්‍ය ගිණුම්වල එය උපුටා පළකර තිබුණා.

එහෙත් ඒ පිළිබඳව සිය නිල X ගිණුමේ සහ නිල FB ගිණුමේ සටහනක් තබමින් මෙරට පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය පවසන්නේ අන්තර්ජාලය හරහා සංසරණය වන එය සහමුලින්ම ව්‍යාජ, වංචනික වාර්තාවක් බවයි.

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ එහි නියෝජිත ආයතන වෙනුවෙන් හෝ පණිවිඩයක අව්‍යාජ බව පිළිබඳව සැක ඇති ඕනෑම කෙනෙකුට rcs-unsrilanka@un.org වෙත පිවිසෙන්න ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා.

මේ එම සටහනයි;

“එක්සත්‌ ජාතීන්ගේ සරණාගත කොමසාරිස්‌ කාර්යාලය වෙත ව්‍යාජ ලෙස ආරෝපණය කර ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ පිළිබඳ වංචනික වාර්තාවක්‌ ප්‍රචාරය වෙමින්‌ පවතින බව අපගේ අවධානයට ලක්ව ඇත.

මෙය සාවද්‍ය ලියවිල්ලක්‌ වන අතර එක්සත්‌ ජාතින්ගේ සරණාගත කොමසාරිස්‌ කාර්යාලයේ හි මානුෂීය විෂය පථයට හෝ ශ්‍රී ලංකාවේ අපගේ වැඩකටයුතුවලට සම්බන්ධයක්‌ නැත”

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!