සාමන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයක් යුධ පිටියක් වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන අනුරාධපුර සහිරා විද්‍යාලයේදී සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගෙන ඇති බව වාර්තා වෙනවා.

පාසල් දෙකක සිසුන් අතර ඇති වූ එම ගැටුමේ දී එක් පාසල් සිසුවෙකුගේ මවක්, විභාග මධ්‍යස්ථානය තුලට කඩා වැදී සිසුන් පිරිසකට පහර දී ඇති අතර එහි දී විද්‍යාල කාර්යාලය දේපල වලටද හානි සිදුව සිසුන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

අනුරාධපුර දුර බැහැර සිසු සිසුවියන් සුළු පිරිසක් සිටින ගම්මිරිගස්වැව මනාර්ලුලුම් මුස්ලිම් මහා විද්‍යාලයේ සිසු සිසුවියන් කණ්ඩායමක්ද, මෙම පාසලේ විභාග මධ්‍යස්ථානයට අනුයුක්ත කර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින බවත් අනුරාධපුර සහිරා මුස්ලිම් විද්‍යාලයේ සිසුන් සහ ගම්මිරිගස්වැව එම විද්‍යාලයේ සිසුන් කණ්ඩායම් දෙක අතර මෙම ගැටුම හට ගත් බව පොලිසිය පවසනවා.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වූ දා සිට මේ දක්වා දෙපිරිස අතර නිරන්තරයෙන් බහින්බස්වීම් සිදුව ඇති අතර (13දා) උදෑසන, මෙම ගැටුම හටගත් අවස්ථාවේදී එය ගුටි බැට හුවමාරුවක් දක්වා වර්ධනය වී තිබෙනවා.

එම අවස්ථාවේදී පාසල් භූමියට බලහත්කාරයෙන් ඇතුළු වී ඇති එක් සිසුවෙකුගේ මවක් සිසුන් කිහිපදෙනෙකුට පහර දීමට ගොස් එක සිසුවෙකුගේ බෙල්ලෙන් අල්ලා පරුෂ වචනයෙන් බැන කලහකාරී ලෙස හැසිරී ඇති බව දෙමාපියන් සඳහන් කරනවා.

මෙම ගැටුම දුරදිග යාමෙන් සහිරා මුස්ලිම් විද්‍යාලයේ විදුහල්පති කාර්යාලයේ ජනෙල් කිහිපයක් ද පහරදී වීදුරු කඩා දැමීම හේතුවෙන් දැඩි අලාභ හානි සිදුව තිබුණා.

විභාගයට අදාළව පෙරේදා උදෑසන පැවති එක් ප්‍රශ්න පත්‍රයකට මුහුණ දීමෙන් අනතුරුව සිසු සිසුවියන් පිරිසක්, පස්වරුවේ පැවැත්වෙන ප්‍රශ්න පත්තරයට මුහුණ දීමට පෙර නියම කර තිබූ විවේක කාලයේදී ආරක්ෂාව පතා සහ පැමිණිලි කිරීමට අනුරාධපුර මූලස්ථාන පොලිසියට දිව යන ආකාරයද මෙහිදී දැක ගත හැකි වුණා.

පසුව සිදු වීමට මුල් වු බව කියන සිසුවාගෙ මව අත් අඩංගුවට ගෙන ඇප මත මුදාහැරීමට පොලිසිය කටයුතු කළ අතර සිදුවිමෙන් බරපතල තුවාල ලැබූ සිසුවකු විභාගය අවසානයේ ගිලන් රථ මඟින් අනුරාධපුරය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව සඳහන්.

Latest News

More like this

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...

සහන මුදල් සතපහක් ආපසු හරවා එවන්න එපා.. ජනපති අනුරගෙන් උපදෙස්

ආපදාවට ලක් වූ ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මෙම...