මුජිබර්ට නගරාධිපති අපේක්ෂක ධුරය දරන ගමන් පාර්ලිමේන්තු එන්නත් පුළුවන් ද? වැරදි පුර්වාදර්ශයක් – ප්‍රශ්ණය විසඳීමට නීති උපදෙස් කැඳවයි

පළාත් පාලන අපේක්ෂකයන්ට සිදුව ඇති අසාධාරණය විසඳීමට වහාම නීතිපති උපදෙස් ලබාගත යුතු බවට, පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ගරු ජානක වක්කුඹුර මහතා පෙන්වා දෙනවා.

කොළඹ නගරාධිපති අපේක්ෂක මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයේ දිවුරුම්දීම නිසා නෛතික ගැටලු මතු ව ඇති බව ඔහු සඳහන් කළා.

ඒ සඳහා වහා ක්‍රියා කරන ලෙස, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ නිලධාරීන්ට ඒ අනුව උපදෙස් ලබා දී තිබෙනවා.

පෙරේදා (13) පාර්ලිමේන්තුවේදී පැවති රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මෙම දැනුම්දීම සිදුකෙරුණා.

මෙහිදී රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පෙන්වා දුන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය දරමින් පළාත්පාලන මැතිවරණ අපේක්ෂකත්වය ලබාගැනීමට නොහැකි වුවද, අපේක්ෂත්වය ලබා ගැනීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයේ කටයුතු කිරීමට නෛතික බාධාවක් නැති බැවින් තවදුරටත් මුජිබර් රහුමාන් මහතාගේ නම නගරාධිපති අපේක්ෂකයෙකු වශයෙන් පවතින බවයි.

කෙසේවෙතත් පවතින මැතිවරණ නීතිය අනුව අනෙකුත් අපේක්ෂකයන්ට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවකට පවා සහභාගී වීමට නොහැකි තත්ත්වයක් තුළ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට මෙම අවස්ථාව හිමිවීමෙන් මේ හරහා 75,000කට ආසන්න අනෙකුත් සියලු පළාත් පාලන අපේක්ෂකයන්ට අසාධාරණයක් සිදුවන බවට ඔවුන් කරුණු ඉදිරිපත් කරන බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

එබැවින් මෙය නරක පූර්වාදර්ශයක් බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...