පාර්ලිමේන්තුව විසුරුවා හැරියම කොටස් වෙළඳ පොළ කඩා වැටෙනවද? මොන බොරුද එහෙම වෙන්නේ නෑ – මහින්ද

පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙසට කෙරෙන ඉල්ලීමෙන් කොටස් වෙළෙඳපොළ කඩා වැටෙන බවට ජනාධිපතිවරයා කරන ලද ප්‍රකාශය නොපිළිගන්නා බවත් ආණ්ඩුවේ හිටිය ද ස්වාධීනත්වය ආණ්ඩුවට පාවාදී නැති බව ත් තම මතය ඕනෑ ම අවස්ථාවක කීමට සූදානම් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසා තිබෙනවා.

ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (මැයි 16) බත්තරමුල්ල පක්ෂ මූලස්ථානයට පැමිණි අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින්.

ඔහු තවදුරට ත් සඳහන් කළේ, ජාතික සම්පත් විකිණීමේ ආණ්ඩුව ගෙන යන වැඩ පිළිවෙල අනුමත නොකරන අතර තම පක්ෂයේ සියට 99ක් සිටින්නේ එම මතයේ බවයි.

“ඔබතුමන්ලා අකැමැති දේවල් කිරීමට ආණ්ඩුව සූදානම් වුවහොත් ආණ්ඩුවෙන් ඉවත් වීමට වුණත් සූදානම් දැයි” මාධ්‍යවේදීන් කළ විමසුමකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ රට වෙනුවෙන් ඕනෑ ම තීන්දුවක් ගැනීමට සූදානම් බවයි.

ජනාධිපති අපේක්ෂකයා කවුරුන්දැයි විමසූ අවස්ථාවේ ටිකක් ඉවසා සිටින්නැයි පිළිතුරු දෙමින් කියා සිටියා.

Latest News

More like this

දිට්වා හානිය රු. කෝටි ලක්ෂයක් ඉක්මවයි…. ලෝක බැංකු වාර්තාව කියයි

දිට්වා සුළි කුණාටුවා හේතුවෙන් ඇති වූ ගංවතුර හා නාය...

ආර්ථිකය යළිත් කඩා වැටෙන බවට රනිල්ගේ අනාවැකිය හරි… IMF වාර්තාවක් තහවුරු කරයි

ශ්‍රී ලංකාවට ලබන වසරේ සියයට 4.2 ක සැලකිය යුතු...

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...