IMF කොන්දේසි සංශෝධනය කරන්න බෑ

ජාතික ජන බලවේගය ප්‍රකාශ කළ ආකාරයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම සංශෝධනය කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා.

මාධ්‍යවේදීන් සමග ඊයේ (16 වැනිදා) සවස පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ලංකා ආණ්ඩුව, ණය ලබා දුන් රටවල් සාකච්ඡා කර ගිවිසුම අත්සන් කර ඇති බවත් වසර 2033 දක්වා ඉලක්ක ලබාදී ඇති බවත් ඒවා සම්පූර්ණ කරමින් සිටින අතර ගිවිසුම සංශෝධනය කළ නොහැක්කක් බවයි.

එම ක්‍රියාවලිය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් සෑහීමකට පත්ව ඇති බව ඔහු අවධාරණය කළා.

ඔහු මේ බව පැවසුවේ මාධ්‍යවේදීන් විසින් ජාතික ජන බලවේගය IMF කොන්දේසි සංශෝධනය කරන බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කළ විමසීම්වලට පිළිතුරු දෙමින්.

Latest News

More like this

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...

සහන මුදල් සතපහක් ආපසු හරවා එවන්න එපා.. ජනපති අනුරගෙන් උපදෙස්

ආපදාවට ලක් වූ ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මෙම...