ස්ථිරවම එන්නෙ පාර්ලිමේන්තු මැතිවරණය

පාර්ලිමේන්තු මැතිවරණය මුලින් පවත්වා එහි එන ප්‍රතිඵලය මත ඊළඟ ජනාධිපතිවරණයෙන් නැවත බලය ලබා ගැනීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අපේක්ෂාව බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා.

ඒ අනුව ස්ථිර වශයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණය කැඳවනු ඇති බව ඔහු පවසා තිබෙනවා.

ඔහු මේ බව පැවසුවේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

තමන් ඒ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ ඕනෑම අයෙක් සමඟ ඕනෑම ඔට්ටුවක් ඇල්ලීමට සූදානම් බවද ඔහු කියා සිටියා.

Latest News

error: Content is protected !!