ඉරාන ජනපති ගමන් ගත් හෙලිකොප්ටරය අභිරහස් ලෙස කඩා වැටේ – ඔහු වෙනුවෙන් යාඥා කරන්නැයි රාජ්‍ය මාධ්‍යයෙන් ඉල්ලීමක්

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි රැගත් හෙලිකොප්ටරයක් ​​“හදිසි කඩා වැටීමකට” ලක්ව ඇති බව එරට රාජ්‍ය රූපවාහිනිය වාර්තා කර තිබෙනවා.

පුළුල් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින නමුත් අයහපත් කාලගුණික තත්ත්වයන් නිසා එයට බාධා එල්ල වී ඇති බව බලධාරීන් පවසා ඇති බවයි වාර්තා වෙන්නේ.

ඉරාන රාජ්‍ය මාධ්‍ය පැවසුවේ අද දින (19) ඉරානයේ නැගෙනහිර අසර්බයිජාන් පළාතේ ජොල්ෆා අසල දී මෙම කඩා වැටීම සිදුව ඇති බවයි.

අර්ධ රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන Fars News Agency හා රාජ්‍ය රූපවහිනිය ඉරාන වැසියන්ගෙන් ඉල්ලා ඇත්තේ රයිසි වෙනුවෙන් යාඥා කරන ලෙසයි.

රයිසි අසල්වැසි අසර්බයිජානයේ සංචාරයකට සහභාගී වී ආපසු එමින් සිටි අතර, ඔහු එම රටේ ජනාධිපති ඉල්හාම් අලියෙව් සමඟ වේල්ලක් විවෘත කිරීමට ගොස් ඇති බව පැවසෙනවා.

රාජ්‍ය සම්බන්ධ මාධ්‍ය පැවසුවේ ඉරාන ජනාධිපතිවරයාගේ රථ පෙළේ හෙලිකොප්ටර් තුනක් තිබූ අතර අනෙක් දෙක ආරක්ෂිතව ආපසු පැමිණි බවයි.

Latest News

error: Content is protected !!