ජපානයේ දික්කසාද පිරිමින්ට 2026 සිට හිමිවෙන අලුත් අයිතියක්

දශක ගණනාවක් පැරණි නීතියක් වෙනස් කරමින් 2026 වසරේ සිට දික්කසාද වූ අඹුසැමියන්ට තම දරුවන්ගේ ඒකාබද්ධ භාරකාරත්වය ලබා දීමට ජපාන පාර්ලිමේන්තුව එකඟ වී තිබෙනවා.

ජපානයේ, දික්කසාද අවස්ථාවක දී සාම්ප්‍රදායිකව භාරකාරත්වය ප්‍රදානය කරනු ලැබුවේ මව් පියන් දෙදෙනාගෙන් එක් අයෙකුටයි.

එවිට මවට හෝ පියාට ඔවුන්ගේ දරුවන් වෙත ප්‍රවේශය සම්පූර්ණයෙන්ම අවහිර වීමක් සිදු වුණා.

විවාහය අවසන් වූ පසු ජපානයේ සාමාන්‍යයෙන් දරුවෙකුගේ නීත්‍යානුකූල භාරකාරත්වය ලබා දී ඇත්තේ මවටයි.

මෙම නීතිය ළමා අපචාර සහ ගෘහස්ථ හිංසනයට එරෙහිව ආරක්ෂාවක් ලෙස සැලකුණා.

කෙසේ වෙතත්, එය දරුවා සහ ඔවුන්ගේ අනෙකුත් මාපියන් අතර අර්ථවත් සම්බන්ධතා බිඳ දැමීමට හේතු විය හැකි බැවින් බොහෝ අයගේ කණගාටුවට හේතුවක් වුණා.

දරුවන්ට ප්‍රවේශයක් නොමැති පියවරුන් වැනි භාරකාර නොවන දෙමාපියන්ගේ කලකිරීම් මත පීඩනය වැඩි වීම මෙම තීරණයට හේතු වී ඇති බවයි පැවසෙන්නේ.

මෙම තීන්දුව ලබාදුන් ඊයේ දිනය දක්වා (මැයි 17)දික්කසාදයක දී ඒකාබද්ධ භාරකාරත්වය පිළිබඳ සංකල්පය නීත්‍යානුකූලව පිළි නොගත් එකම G7 රට ජපානයයි.

Latest News

More like this

බදුල්ලේ වයස අවුරුදු 15ක දරුවෙක්ට ඒඩ්ස්

බදුල්ල දිස්ත්‍රික්කයේ වසය අවුරුදු 15ක දරුවකුට HIV ආසාදනය වී...

රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය මාස තුනක් තුළ එළිදැක්වෙනවා… ඇමති නලින්ද

රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත මාධ්‍ය ප්‍රතිපත්තිය ඉදිරි මාස...

වාහන ආනයනය හා විදෙස් සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැහැ… ඇමති නලින්ද ජයතිස්ස

වාහන ආනයනය සහ විදේශ සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැති...

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගයට නම් කළේ ඇයි?

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු...
error: Content is protected !!