ජපානයේ දික්කසාද පිරිමින්ට 2026 සිට හිමිවෙන අලුත් අයිතියක්

දශක ගණනාවක් පැරණි නීතියක් වෙනස් කරමින් 2026 වසරේ සිට දික්කසාද වූ අඹුසැමියන්ට තම දරුවන්ගේ ඒකාබද්ධ භාරකාරත්වය ලබා දීමට ජපාන පාර්ලිමේන්තුව එකඟ වී තිබෙනවා.

ජපානයේ, දික්කසාද අවස්ථාවක දී සාම්ප්‍රදායිකව භාරකාරත්වය ප්‍රදානය කරනු ලැබුවේ මව් පියන් දෙදෙනාගෙන් එක් අයෙකුටයි.

එවිට මවට හෝ පියාට ඔවුන්ගේ දරුවන් වෙත ප්‍රවේශය සම්පූර්ණයෙන්ම අවහිර වීමක් සිදු වුණා.

විවාහය අවසන් වූ පසු ජපානයේ සාමාන්‍යයෙන් දරුවෙකුගේ නීත්‍යානුකූල භාරකාරත්වය ලබා දී ඇත්තේ මවටයි.

මෙම නීතිය ළමා අපචාර සහ ගෘහස්ථ හිංසනයට එරෙහිව ආරක්ෂාවක් ලෙස සැලකුණා.

කෙසේ වෙතත්, එය දරුවා සහ ඔවුන්ගේ අනෙකුත් මාපියන් අතර අර්ථවත් සම්බන්ධතා බිඳ දැමීමට හේතු විය හැකි බැවින් බොහෝ අයගේ කණගාටුවට හේතුවක් වුණා.

දරුවන්ට ප්‍රවේශයක් නොමැති පියවරුන් වැනි භාරකාර නොවන දෙමාපියන්ගේ කලකිරීම් මත පීඩනය වැඩි වීම මෙම තීරණයට හේතු වී ඇති බවයි පැවසෙන්නේ.

මෙම තීන්දුව ලබාදුන් ඊයේ දිනය දක්වා (මැයි 17)දික්කසාදයක දී ඒකාබද්ධ භාරකාරත්වය පිළිබඳ සංකල්පය නීත්‍යානුකූලව පිළි නොගත් එකම G7 රට ජපානයයි.

Latest News

More like this

පරිස්සමෙන්.. ගංවතුරට අහුවුණ සහල් වෙළඳපොළට බෙදාහරින ජාවාරමක්

මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රදේශයේ ගංවතුරෙන් හානි වූ පරිභෝජනයට නුසුදුසු...

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...